ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් ඇති වුවහොත් ඒ සදහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත.
මෙම පුවත සම්බන්ධයෙන් කබ්රාල් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ එවන් විකල්පයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බව තම විශ්වාසය බවයි.
අදාල සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තෝරාගන්නා ලද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, එම තනතුර සඳහා තරග කිරීම පිළිබඳව කිසිදු බාධාවක් නැතැයි මා තරයේ විශ්වාස කරමි.
එහෙයින්, එම අපේක්ෂකත්වය පිළිබඳව විකල්ප යෝජනා ඉදිරිපත් කිරිම කිසිසේත් යෝග්‍ය හෝ අවශ්‍ය නොවනු ඇත.
ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් මා පූර්ණ සහයෝගය ලබා දෙන බවද පවසන්නට කැමැත්තෙමි.
– අජිත් නිවාඩ් කබ්රාල්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...