ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (30) රාත්‍රියේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මෙහිදී මෙම නඩුව පිළිබඳ සංවාදය ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුමය. ශී‍්‍ර ලංකාවේ උපන් ගෝඨාභය රාජපක්ෂට ශී‍්‍ර ලංකාවේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් තිබිය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පෙන්වා දී ඇත්තේ දෝ්ෂයක් ඇත්නම් එය කාර්යය පටිපාටියේ සිදුව තිබෙන්නක් විය යුතු බවය. එසේනම් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ නිලධාරීන්ට එරෙහිව බවද වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ තමන් දැනටමත් මෙම නඩුව සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගෙන තිබෙන බවයි. ඒ අනුව සුදුසු පරිදි කටයුතු කරන බවද ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබේ.
මේ අතර ඊයේ (30) පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල අදහස් දක්වමින් කියා සිටියේ මෙම නඩුව කිසිම නීතිමය පදනමකින් තොර හුදෙක් අපහාස කිරීමේ චේතනාවෙන් පැවරූ නඩුවක් බවට හඳුනාගත් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ෆොන්සේකා හිරේ දැම්මේ මහින්දලු….
ගෝඨාභය හිරේ දාන්න හදන්නේ මෛත්‍රීලු….
මේ දෙකම කරවන්නේ යුද්දෙ දිනපු නිසා ප්‍රභාකරන්ලු…!