ව්‍යාපාරික පුවත්

2019 සැප්තැම්බර් මාසයේ අවසාන දිනය සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (30) දින අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,738.24 ක් ලෙසින් සටහන් කරමිනි. S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දිනය අවසානයේ දී ඒකක 2,759.72 ක් ලෙසින් සටහන් විය.

පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 40.80 කින් පහළ ගිය අතර S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 14.35කින් පහළ යන ලදී.

මේ වන විට 2019 වසරේ මාස 09 ක කාලපරිච්ඡේදයක් අවසන් වී තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ දී කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකයට අනුව 5.19% කින් හා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයට අනුව 11.98%කින් පහළ ගොස් තිබේ.

වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,052.37 ක් හා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 3,135.18 ක් ලෙසින් වාර්තා වී තිබිණි.

අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 732 කි. මෙය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වන රුපියල් මිලියන 660 ඉක්මවා යාමකි. පසුගිය 2018 වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම සටහන්ව තිබුණේ රු. මිලියන 834 ක් ලෙසිනි.

අද දින ගනුදෙනුවලින් රු. මිලියන 370 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත් රු. මිලියන 603 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා විය. දිනය තුළ විදේශීය මිල දී ගැනීම් හා විදේශීය විකිණුම් වාර්තා වූයේ පිළිවෙලින් රු. මිලියන 399 ක් හා රු. මිලියන 166.55 ක් වශයෙනි.

2019 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 2.8 ක් ඉක්ම වූ ශුද්ධ විදේශීය ගලා යාමක් (net foreign outflow) කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More