දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනපති අපේක්ෂකයකු වන ගෝඨාභය රාජපක්ෂට සහායදීමට සැලසුම් කර ඇතැ’යි වාර්තා වේ.

මේ වෙනුවෙන් වූ රහස් සාකච්ඡාවක් හාලිඇල ප්‍රාදේශීය සභාපතිගේ නිවසේ දී ඉකුත් ඉරිදා පැවැත්වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කුමක් වුවත්, තමන්ගේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට දෙන බව නිමල් සිරිපාලද සිල්වා පවසා තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොදිය යුතු බව විශ්වාස කරන පක්ෂයේ ප්‍රබලයින් 5 දෙනෙකු නිසා ශ්‍රී.ල.නි.ප. – පොහොට්ටු සාකච්ඡා බිඳවැටුණු බව නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල ප්‍රාදේශීය දේශපාලකයෙකු සමග පවසා තිබේ. පොහොට්ටු ලකුණු විරෝධය ද එම පහේ කල්ලියේ වැඩක් බව පෙන්වා දී ඇත.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා පසුගිය සැප්තැම්බර් 3 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් ද ශ්‍රී.ල.නි.ප.ය ගත යුතු හොඳම තීරණය පොහොට්ටුව සමග සන්ධානගත වීම බව ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More