දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ලිපි ලේඛනවල කිසිඳු දෝෂයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර කියා සිටියේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ එම ලිපි ලේඛන පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද සෑහීමට පත්ව ඇති බවයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

” රාජිත ඊයේ මාධ්‍යයට කිව්වා නඩුව පැවරුවේ එ.ජා.ප.ය කියලා. 2003දී ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ගත්තා.

ඔහුගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නැතිවෙනවා.2005 නොවැම්බර් 21වෙනිදා.

නැවත මෙරට පුරවැසිභාවය ගත්තා මේ දිවිත්ව පුරවැසිභාවය ගත් ලිපිය අමාත්‍යාංශ ලේකම් වෙනුවට අතිරේක ලේකම්වරයෙකු අත්සන් කළා.

ජනපති ලෙස මහින්ද රාජපක්ෂ අත්සන් කළා ගෝඨාභයට සහතිකය නිකුත් කරන්නේ 2005 මහින්ද ජනපතිධුරයට පත්වෙලා
ඇමති මණ්ඩලය පත්කරන්නේ නොවැම්බර් 22.

ලේකම්වරු පත්කරන්නේ නොවැම්බර් 23 සහතිකය නිකුත් කරද්දි ලේකම්වරයෙක් නැහැ.

ඒ නිසා මේ සහතිකය වලංගු නැහැ කියලා මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට කලින් 44 වෙනි වගන්තියේ කරුණක් තියෙනවා.

අමාත්‍යාංශයක්, ආයතනයක්, විෂයක් වෙනත් ඇමතිවරයෙකුට පවරා නැත්නම් එය අයත්වන්නේ ජනාධිපතිවරයාට.

විෂයභාර ලේකම් ජනාධිපති ලේකම්වරයා නඩුව පදනම් විරහිතයි 2019 මැයි 03 වෙනිදා මේ අමෙරිකානු පුරවැසිභාවය අහිමිවීමේ ලේඛනය අනුමත කිරීමේ දිනයත් සඳහන්”

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතා සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් පල කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More