දේශීය පුවත්

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රාත‍්‍රීයේදී තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත‍්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දෙන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ලබන 05 වැනිදා රාත‍්‍රී 7.00 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දීමේ ගැටළුවක් නොමැති නමුත් පොහොට්ටුව ලකුණෙන් තරඟ කරන්නේ නම් සහය දීම ගැටළුවක් බව මධ්‍යම කාරක සභිකයින් වැඩි දෙනෙකු ප‍්‍රකාශ කර ඇත.

මේ අතර පොදුජන පෙරමුණ සමඟ එක්වන්නේ නම් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතක්ද පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

එම කෙටුම්පත හෙට දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත යැවීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

මධ්‍යම කාරක සභා රැස්වීම පැය 3 1/2 ක පමණ කාලයක් පැවැති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More