දේශීය පුවත්

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරණයට තරග කරන ලෙසට කළ ඉල්ලීම අනුව පසුගිය අපේ‍්‍රල් මාසයේදී තම ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (30) පැවැසීය.

ඒ අනුව තමා ශ්‍රී ලාංකික පුරවැසියකු බවත් ඒ බව පිළිගනිමින් වත්මන් රජය යටතේ නීත්‍යානුකූලව නව විදෙස් ගමන් බලපත‍්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් මේ වනවිට තමන්ට නිකුත්කර තිබෙන බවත් ඔහු කීය.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

‘‘වත්මන් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාට තෙවන වරටත් ජනාධිපතිධූරයට තරග කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා.

ඒ වගේම ද්විත්ව පුරවැසි බව තියෙන අයටත් ජනාධිපතිධූරයට ඉදිරිපත් කිරීම වළැක්වීමට හා වයස අවුරුදු 35ට අඩු අයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම වැනි කරුණු එම සංශෝධනයට ඇතුළත් වුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවෙම අපේ පවුල ඉලක්ක කරගෙනයි. මේ වගේ සංශෝධනයක් ලෝකයේ කිසිම රටක නැහැ.

මෙම තත්ත්වය මත විපක්‍ෂනායකතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියල ඔහු මට කිව්වා.

ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී මගේ ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසි බව ඉවත් කරගන්න මම කටයුතු කළා.

දැන් මම මෙරට පුරවැසියෙක්. ඒ අනුව ඉල්ලූම් කළ ආකාරයටම නව විදෙස් ගමන් බලපත‍්‍රයක් හා නව ජාතික හැඳුනුම්පතක් මට වත්මන් රජය යටතේ නිකුත් කර තිබෙනවා යැයිද ඔහු කීය.

කොළඹ,නවනගර ශාලාවේ අද (30) පැවැති දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ විශේෂ මහ සමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More