දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සිදු කරන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇති නමුත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිදු මතයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් වීරකුමාර මහතා පවසයි.

එසේම එක්සත් ජාතික පක්ෂය සුළු පක්ෂවල ඉල්ලීම් සළකා බලා අලියා ලාංඡනය ඉවත් කොට පොදු ළකුණකින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හොඳ ප්‍රවණතාවයක් බවත් එය ආදර්ශයට ගෙන අනෙක් පක්ෂත් ක්‍රියා කළ යුතු බව ඒ මහතා පවසයි.

එසේ නොමැතිව දේශපාලක ගමනක් යාමට හැකියාවක් නැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



One thought on “එජාපය ආදර්ශයට ගත යුතුයි – වීරකුමාර”

  1. What nonsense????

    We should not follow UNP at all…….!

    UNP knows that they will be defeated whatever the symbol…!!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More