දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ තුළ ජන්දයට මුහුණ දීම සඳහා සුදානම් කොට තිබු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගතව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනපති අපේක්ෂකත්වය නොලැබෙතැයි යන විශ්වාසය මත සිය සියලු මැතිවරණ සැලසුම් නිර්මාණය කළ ජවිපෙට මේ නව ප්‍රවණතාවයත් සමග සිය ජනපති අපේක්ෂකයාට මධ්‍යස්ථ ජන්ද ලබා ගැනීමේ ප්‍රවණතාවය ගිලිහෙමින් පවතින බව පක්ෂය තුල සාකච්ජාවට ලක් කොට තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සටනක් දිය හැකි අපේක්ෂකයෙකු එජාපයෙන් නම් නොකළේ නම් මධ්‍යස්ථ ජන්ද රැසක් ජවිපෙට හිමිවන ප්‍රවණතාවයක් තිබුණ බවත් එහෙත් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් එල්ල කළ හැකි බවට මතයක් සමාජගත වී තිබෙන බැවින් එම මධ්‍යස්ථ ජන්ද සජිත් ප්‍රේමදාස මහතා වටා ගොනු වීම පිළිබඳව ජවිපෙ මධ්‍යම කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාට කිසිම විටෙක ජනපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට දන්වා තිබු බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More