මුහුණු පොතෙන්

“සජිත් ප්‍රේමදාස ආදරණීය නායකයා මේ රටේ නියත ජනාධිපතිවරයා විදියට පත් කළාට පස්සේ 2019 නොවැම්බර් 17 වනදා ගෝඨාභය රාජපක්ෂට ජම්පරය අන්දන්න සජිත් ප්‍රේමදාස පිටුපසට යන්නේ නැහැ කියන කාරණය මතක් කර දෙන්න කැමතියි” යැයි හේෂා විතානගේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ජන සමාජයේ අවධානයට ලක්ව තිබෙන්නකි.

සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලැබුණු සැප්තැම්බර් 26 දිනට පෙර දින මතුගම පැවති ” සජිත් එනවා” රැළිය අමතමින් හේෂා විතානගේ මෙම ප්‍රකාශය කරන ලදී.

එම ප්‍රකාශය කෙතරම් බරපතල ද යත් හිටපු ජනපති මෙන්ම මහින්ද රාජපක්ෂ වත්මන් විපක්ෂ නායකවරයා ඊට පිළිතුරු දීමෙන්ම පෙනේ. “මිට කලිනුත් අපිට ජම්පර් අන්දන්න කට්ටිය ආවා. අන්තිමට වුණේ ඒ අයට ජම්පර් ඇඳගන්න” යැයි විපක්ෂ නායකවරයා කල ප්‍රකාශය අනාගතයට බලපාන පරිදි කළ එකක් බවද පෙනේ.

සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයා හේෂා වැනි ළදරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ වලට උත්තර දීමට ඉදිරිපත් වන්නකු නොවේ.

එහෙත් ඔහු කළ ප්‍රකාශයේ බරපතලකම මෙන්ම ඒ පිටුපස සිටින බලවේග ගැන සලකා බලා විපක්ෂ නායකවරයා එම ප්‍රකාශය කළා විය හැකිය.

ගෝඨාභයට ජම්පර් අන්දවන බවට කළ ප්‍රකාශය ගැන එජාප නායකයා හැර කිසිවෙකුත් කිසිම ප්‍රකාශයක් කර නැත. එජාප නායකයා මෙවන් ප්‍රකාශ කරන අය අමතා ප්‍රකාශ කළේ එක එක්කෙනාට ජම්පර් අන්දන්න කලින් ජනාධිපතිවරණය දිනා සිටින ලෙසයි. අග්‍රාමාත්‍යවරයාගේ මේ ප්‍රකාශයෙන් සැඟවුණු අදහසක්ද තිබේ. හේෂා විතානගේ ගේ ප්‍රකාශය සජිත් ප්‍රේමදාස තවමත් ප්‍රතික්ෂේප කර නොමැත. ඒ නිසා එම ප්‍රකාශය ඔහුගේ ද අනුදැනුම මත කළ එකක් බව සිතීමේද වැරැද්දක් නොමැත.

මෙවැනි කතා වේදිකාවේ කතා කියා නොසලකා සිටීමට නොහැක. මහජන නියෝජිතයින් කතා කළ යුත්තේ වගකීමකින් යුතුවය. එහෙත් අවාසනාවකට එවන් වගකීමක් දැරීමට තරම් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෝරා නැත. බුද්ධිමත් නැත. ඊට ප්‍රධාන හේතුව පක්ෂ විනයක් තුලින් ඔවුන් හික්මවා නැති කමයි.

සජිත් ප්‍රේමදාස පාර්ශවයේ බොහෝ ගෝල බාලයින් අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටනේදී එජාප නායකයාට මෙන්ම ඔහුගේ ගෝල බාලයයින්ටද දරුණු ප්‍රහාර එල්ල කළේය. ඇතැම් අවස්ථාවල හරීන් ප්‍රනාන්දු රනිල් පාර්ශවයට අතින් පයින් කතා කළ අවස්ථාද තිබේ. සජිත් පාර්ශවයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව පක්ෂය ගත් විනය පියවර හෑල්ලුවට ලක් කළේය.

පක්ෂයකට විනයක් අත්‍යවශ්‍ය වේ. පක්ෂයක සිටින පිරිසකට විනයක් නැතුව ඔවුනට රටේ විනය හැදීමට නොපුළුවන. ඒ ගැන කතා කිරීමට නොපුළුවන. අද එජාපය මුහුණ දී සිටින බරපතලම ඛේදවාචකය වන්නේ පක්ෂයේ විනයක් නැති කමය. මේ නිසා පක්ෂයට අද ඊයේ ආව කෙනා පවා කතා කරන්නේ පක්ෂයේ දශක දෙක තුනක් සිට සිටි කෙනක් ලෙසය. හේෂා විතානගේට ද වැළදී ඇත්තේ ඒ ළඳරු වලිප්පුවමය.

හේෂා යූ.එන්.පී කාරයෙකු නොවේ. ඔහුගේ දේශපාලන ගමන ආරම්භ කළේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ය. ශේෂා විතානගේ ඇඹිලිපිටිය ටවුමේ බඩු විකුණමින් ජීවිතය ආරම්භ කළ කෙනෙකි. ඉන්පසු ජපානයට ගොස් මිල මුදල් හම්බ කරගෙන පැමිණ දේශපාලනයට බැස්සේය. මේ ඉතිහාසය දන්නා අය තවමත් ඇඹිලිපිටිය ටවුමේ සිටියි. එක පාරටම සල්ලි ලැබෙන පිරිසට ඊළඟට වැළඳෙන රෝගය ඔහුටද වැලදුනි. ඒ දේශපාලනයට ඒමේ රෝගයයි. ඒ සඳහා මුලින්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇඹිලිපිටියෙන් නගර සභාවට තරඟ කර ජයගෙන එහි නගරාධිපති විය.

ඉන්පසු පැවති සබරගමුව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නාම යෝජනා බලාපොරොත්තු වූවද මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ඊට අනුමැතිය නොලැබිණි. ඉන්පසු මහජන එක්සත් පෙරමුණ හරහා පළාත් සභාවට නාම යෝජනා ගැනීම සඳහා එවකට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීව සිටි සලෝචන ගමගේ සමඟ පැමිණ පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන හමු විය. එහිදී ද ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ කළ හේෂා එජාපයෙන් නාම යෝජනා පැතීය. ඒ කාලයේ වැලේ වැල් නැතුව සිටි රනිල් වික්‍රමසිංහ ඊට කැමති විය. ඒ අනුව පළාත් සභාවට එජාපයෙන් තේරී පත් විය. ඉන්පසු 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. අද එජාපයේ ගැලවුම්කාරයා වී සිටින්නේ මෙන්න මෙවැනි ළඳරු වලිප්පුකාරයන් පිරිසකි.

ගෝඨාභය රාජපක්ෂට ජම්පර් අන්දන්න කතා කරන හේෂා දේශපාලනය පටන් ගත්තේ ගෝඨාභය රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ව සිටින අවදියේ ඒ පැත්තෙන්මය. එසේ නම් අද ඔහු ගෝඨාභයට එල්ල කරන චෝදනා එල්ල කළ යුතුව තිබුණේ එදාය. කෙසේවෙතත් නොවැම්බර් 16 වනදා ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජය ගතහොත් හේෂගේ ළඳරු වලිප්පුව නිට්ටාවටම සුව වන බෙහෙත් ලැබෙන බව නම් ස්ථිරය.

(මංජුල බටුගෙදර)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More