ව්‍යාපාරික පුවත්

ආර්ථික වර්ධනය 2.7% ට බසී

September 30, 2019 1:15 pm | Lanka Lead News

පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ 2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවයි. වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව 2019 වසර සඳහා දකුණු ආසියානු කලාපයේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 6.8%ක් ලෙසින් ගණන් බලා ඇත. මෙය ආසියා ශාන්තිකර කලාපය සඳහා 5.1%ක්, නැගෙනහිර ආසියානු කලාපයේ 5%ක්, යුරෝපය 1.6%ක් වශයෙන් පුරෝකථනය කර තිබේ.

2019 සඳහා ගෝලීය ආර්ථික වර්ධන වේගය 3.3%ක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන අතර ලෝක බැංකුව පවසන්නේ එය 2.6%ක් දක්වා අඩු විය හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More