දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබේ.

මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූල ලෙසට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගෙන නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර සිටී.

මෙම පෙත්සම ඔක්තෝබර් මස 2, 3, 4 යන දිනවල සලකා බැලීමට අභියාචනාධිකරණය අද (30) දින නියම ක‍ළේය.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More