මුහුණු පොතෙන්

ව්‍යාඝ්‍රයාට පණ පොවන ඔහු රටේ ප්‍රබලම දේශපාලනඥයෙකි. ඔහුට ව්‍යාඝ්‍රයකු නිසා වරෙක ජීවිතයත්, මරණයත් අතර සටනක් කරන්නට වූයෙත් අන්තඃපුරයක් මැද දිවි ගෙවද්දීමය.

මේ කියන ප්‍රබල දේශපාලනඥයාට පසුගිය සතියේ අපූරු වරදානයක් සූදානම් කර තිබුණේය. ඒ චීනයෙන් ඔහු වෙනුවෙන්ම ගෙන්වූ අපූරු තෑග්ගකි. ඒ අනුව ප්‍රබලම දේශපාලනඥයා සමග තවත් රටේ නම ගිය මැති ඇමැතිවරු කිහිපදෙනෙක් කොළඹට නුදුරු මුහුදු වෙරළක පැවැති සාජ්ජයකට පැමිණියහ.

සියලුදෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැතුණේ ආරාධනය කළ පුද්ගලයාගේ ව්‍යාපාර ස්ථානයේමය. ඔහුට ඇවැසි වුණේ අනවසරයෙන් ඉදිකළ ව්‍යාපාරයේ නීත්‍යනුකූල අයිතිය ලබාගන්නටය.

එය ගන්නට තිබුණු එකම විසඳුම මේ කියන දේශපාලන ලොක්කාය. ඔහු සනසවන්නට හැකිනම් තම ගැටලුවට විසඳුමක් ලැබෙන බව දැනගත් ඔහු ඒ සඳහා චීනයෙන්ම රූමත් තරුණියන් දෙදෙනකු ගෙන්වා ගත්තේය. කැබිනට් පත්‍රිකාවකින් තොරවම ව්‍යාපාරික ස්ථානයට අනුමැතියක් අරන්දෙන්නට මේ කියන ලොක්කා කැමැත්ත පළකරන්නේ චීනයෙන් ගෙන්වූ අලුත්ම තෑගි ගැන ඉඟිකළ පසුවය. තමා සමග පැමිණි මැති ඇමැතිවරුන් සමග එකට රාත්‍රී භෝජන සංග්‍රහය අත්විඳින ප්‍රබල දේශපාලනඥයා ඉක්මනින් එතැනින් යන්නට සූදානම් වන්නේ තවත් වැඩකට යන්නට ඇති බව කියමින්ය.

ලොක්කාගේ හදිසිය කුමක්දැයි එතැන සිටින අයට වැටහුණේ නැතත් එහි සිටි සේවකයන්ට දැකගන්නට ලැබුණේ ලොක්කා එතැනින් පිටව යන බව අඟවා හොර රහසේම චීනයෙන් ගෙනා තෑගිවල රසවිඳින්නට කාමරයකට රිංගන අයුරුය.

චීනයෙන් ගෙන්වූ අපූර්වතම තෑග්ගේ රස විඳගත් ප්‍රබල දේශපාලනඥයා ඉන් නික්ම යන්නේ ළඟදී කැබිනට් පත්‍රිකාවක් අරන්දෙන බවට පුරසාරම් දොඩමින්ය.

උපුටා ගැනීම අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More