දේශීය පුවත්

මව්බිමට සැබෑ ලෙසම ආදරය කරන පාලකයෙකු නායකත්වයට පත් කරගැනීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇතැයි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කුරුණෑගල පැවති වියත්මග සමුළුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වියත්මග සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්වුණේ එම සංවිධානයට අනුබද්ධ මහජන නියෝජිතයින්,විද්වතුන් හා වෘත්තිකයින් රැසකගේ සහභාගිත්වයෙන්.

රටේ සිටින්නේ රටට ආදරය කරන හා ආදරය නොකරන ලෙස ජාතීන් දෙකක් බවත් එනිසා බලයට ගෙනා යුත්තේ කවුරුන්ද යන්න මහජනතාව තීරණය කළ යුතු බවත් එහිදී අදහස් දැක්වු කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

අනාගත දරු පරපුරට ජීවත් වන්නට රටක් තිබිය යුතු බවත් එනිසා ජනාධිපතිවරණයේ දී ඉතාමත්ම නිවැරදි තීරණයක් ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් ශ්‍රී ලාංකිකත්වය දැනෙන නායකයෙකු රටේ නායකයා ලෙස පත් කර ගත යුතු බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එ් මහතා ප්‍රකාශ කළේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More