දේශීය පුවත්

හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය පළ කිරීමට අද (29) එක් විය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩු සමයේදී ඔහු පේෂ කර්මාන්ත අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය සහ මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරවල කටයුතු කර තිබේ.

2015 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයට තරග වැදුණු හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර එහිදී පරාජයට පත් වුණාි. තමන් ගෝඨාභය රාජපක්‍ෂට සහාය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර අදහස් පළ කරමින් සඳහන් කළේ “යහපාලන රජයක් තවදුරටත් මේ රටේ බිහි වෙන්න එපා යනුවෙන් ප්‍රාර්ථනා කරනවා.” යනුවෙනි.

ඔහු මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය දැක්වීම සඳහා රත්නපුර දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්‍ෂ හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More