දේශීය පුවත්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ චක්‍රලේඛයකට මුවාවෙමින් නව බඳවා ගැනීම්, පත්වීම් රාත්‍රී කාලයේ දී ලබාදීම් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මෙසේ මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් පත්වීම්, බඳවාගැනීම් සිදුකරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කම්කරු සෞඛ්‍ය කනිෂ්ඨ සහායක තනතුරු සඳහා 400කට වැඩි පිරිසකට බඳවා ගැනීමේ පත්වීම් පසුගිය සතියේ මතුගම ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ රාත්‍රි 8.30 ට පමණ සිදු වී ඇත.

මේ අතර සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් කටුනායක ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලය ලෙස සියයකට වැඩි පිරිසකට පසුගිය සති අන්තයේ රාත්‍රි පත්වීම් 100කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඊට අමතරව සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යාංශයට අයත් නිවාස අධිකාරියට අනුමත කාර්යමණ්ඩලයට පිටතින් දිස්ත්‍රික් කොට්ඨාස කාර්යාලවලට බඳවාගෙන සිටින කළමනාකාර සහකාර තනතුරු ඇතුළු තනතුරුවලට අයත් කොන්ත්‍රාත්, දෛනික, ආදේශක හෝ සහන පදනමින් සේවය කරන ආයතනයේ තොරතුරු පසුගිය 27 වැනි දින දහවල් 12.00 ට පෙර ලබාදෙන ලෙසට එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. එස්. වීරසිංහ විසින් සියලුම දිස්ත්‍රික් කාර්යාලවලට දන්වා ඇත.

ඒ අනුව එළඹෙන 7 වැනිදාට පෙර අදාළ පත්වීම් පෙර දිනයන් සඳහන් කර ලබා දීමට සැලසුම් කර තිබේ.

දින 180 ක් සේවය කරන අනියම්, කොන්ත්‍රාත්, දෛනික, ආදේශ යන තනතුරුවල සේවය කළ අයට ස්ථිර පත්වීම් ලබා දෙන ලෙසට පසුගියදා පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කළේ ය.

මේ සම්බන්ධයෙන් ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවසරය ලබානොගෙන දෙන පත්වීම් නීති විරෝධී බවයි. තම ආයතනයට පැමිණිලි 14 ක් ලැබී ඇති අතර ඉන් බොහෝමයක් නව බඳවා ගැනීම් හා පත්වීම් ලබා දීම පිළිබඳ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More