දේශීය පුවත්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද(28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව ඇති බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) රාත්‍රියේ පැවැත් වු අතර එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ දී බලාපොරොත්තු වනු ඇති බවද මන්ත්‍රීවරයා අද දෙරණට කියා සිටියේය.

එහිදී විශේෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ලබන “ලකුණ” සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි පැවසෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද දිනයේ පැවැත් වීමට නියමිත මෙම සාකච්ඡාව බෙහෙවින් තීරණාත්මක වනු ඇති බවද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More