දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත යුතු වඩාත් සුදුසුම තීරණය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයාට සහය ලබාදීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.

“1988 පළාත් සභා මැතිවරණයේදී. ඡන්දය භාවිත නොකරන ලෙස. ඡන්දදායකින්ට අපි කිව්වා. දශක ගණනාවක් පක්ෂය පස්සට ගියා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ප්‍රමාදයි

අපි සූදානම් වුණේ නැහැ. අපි වෙනත් අපේක්ෂකයෙක් . ඉදිරිපත් කරනවා කියන්නේ. ප්‍රගතිශීලි කණ්ඩායමේ ගමනට අකුල් හෙලීමක්. එ.ජා.ප.අපේක්ෂකයාට උදව් කිරීමේ පියවර. අපි අත්වින්ඳ තත්වයට වඩා වෙනස් නැහැ

බැඳුම්කර සිද්ධිය, අපැහැදිළි ආර්ථික ප්‍රතිපත්ති. ජාතික ආර්ථික සභාව ජනපති යටතට ගත්තා. ජාත්‍යන්තර ගිවිසුම්, ව්‍යවස්ථා සංශෝධන. එ.ජා.ප.අපේක්ෂකයාට. ඒවායින් නිදහස් වෙන්න බැහැ

නැවතත් යෝජනා කරන්නේ අගමැතිවයි. ශ්‍රී.ල.නි.ප.ය ගත හැකි හොඳම විසඳුම. පොදුජන පෙරමුණේ අපේක්ෂකාට සහයදීම. අද රාත්‍රි 8ට මන්ත්‍රී කණ්ඩායම රැස්වෙනවා. සඳුදා මධ්‍යම කාරක සභාව රැස්වෙනවා. අද හවසත් ප්‍රධාන සාකච්ඡාව ඒකයි. අදත් ජනපති සමග සාකච්ඡා කරනවා“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More