එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආර්ථිකය හෝ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව කිසිවක් කථා කර නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (26දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාන්තිකර්මවේදීන්ගේ සම්මේනලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
”දැන් නම් තොවිල් නටන්න වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මෙතෙක් කල් ගෙවල් ගැන කතා කළා මිසක් රටේ ආර්ථිකය ගැන, උතුරු නැගෙනහිර ප‍්‍රශ්නය ගැන වචනයක් කතා කරලා නැහැ.
රටේ සංවර්ධනය ගැන කිසිම අදහසක් නැහැ. එතුමා වැඩි කාලයක් යෙදවූයේ යාල වනයේ ගත කරන්නයි.
ගියපාර හංසයාට ඡන්දය දීලා වුණ වැඩේ කවුරුත් දන්නවා. මේ පාර හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුලුවන්. අපි මුල් තැන දිය යුත්තේ රට ජාතිය රැක ගැනීමටයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...