දේශීය පුවත්

යහපාලන රජය සමයේ සිදු වූ බරපතල වංචා-දූෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා අතට පත්කර තිබෙනවා. ඊයේ (26) පස්වරුවේදී කොමිසමේ සාමාජිකයන් විසින් එම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා වෙත ලබා දුන්නේය.

2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2018 වසර අවසානය දක්වා කාලය තුළ සිදු වූ වංචා-දූෂණ, රාජ්‍ය සම්පත්-රාජ්‍ය බලය-වරප්‍රසාද අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම කොමිසම යටතේ පරීක්ෂණ සිදු කෙරිණි.

ජනාධිපතිවරයා විසින් පත්කළ මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ‍හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාය. හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන, හිටපු විගණකාධිපති පී.ඒ. ප්‍රේමතිලක, හිටපු අමාත්‍යංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, හිටපු නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More