දේශීය පුවත්

දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් පැවැත්වේ.
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියැදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව එම වැඩවර්ජනය ආරම්භ කළේ, පෙරේදා මධ්‍යම රාත්‍රියේදී ය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියැදුරන්, පාලකවරුන්, නියාමකරුවන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සේවකයින් ඒ සඳහා එක්ව සිටී.

මේ අතර දුම්රිය සේවක වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය මගීන් දැඩි පීඩාවට පත්විය.

වර්ජනය පැවැතිය ද කාර්යාල දුම්රිය 10 ක් කොළඹ කොටුව බලා ධාවනය කිරිමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍ය දිනකදී උදෑසන ධාවනය කෙරෙන කාර්යාලීය දුම්රිය ගණන 40 කි.

මේ අතර දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේ, විසඳුම් ලැබෙන තෙක් වැඩවර්ජනය අත් නොහරින බව ය.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තිය සමිති ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේද ක්‍රියාත්මකයි.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඔවුන් ඊයේ දිනයේත් ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් පාසල් රැසක අධ්‍යන කටයුතු අඩාල විය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ , තම ගැටලුවලට විසඳුම් ඉල්ලා ඊයේ දහවල් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද එය අසාර්ථක වූ බව ය.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ආරම්භ කළ වැඩ වර්ජනය අද තුන්වැනි දිනට ක්‍රියාත්මක වේ.

ඒ, වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමිනි.

විධායක නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතනවල සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි පීඩාවට පත්වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

විසඳුම් ලැබෙන තෙක් වැඩවර්ජනය අත් නොහරින බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ. එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය.

වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද 18 වන දිනට ක්‍රියාත්මක වේ.

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා සඳහන් කළේ, මෙතෙක් සිය ගැටලු සඳහා විසඳුම් ලැබී නොමැති බව ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More