දේශීය පුවත්

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකල ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් (26) වව්නියාවේ ස්ථාන දෙකකදී විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව නගරයේ පැරණි බස් නැවතුම්පල සහ සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේ පැවති මෙම විරෝධතාවන් ප්‍රදේශයේ තරුණ සංවිධන හා සිවිල් සංවිධාන විසින් සංවිධානය කොට තිබුණි.

වවුනියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිට පැවති විරෝධතාවය වවුනියාවේ තරුණ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර ඒ වෙනුවෙන් සහභාගී වූ පිරිස් කියා සිටියේ මුලතිව් මහෙස්ත්‍රා අධිකරණයේ නියෝගය කඩ කල පිරිස් වෙනුවෙන් වහාම පොලිස් පරික්ෂණයක් සිදු කළ යුතු බවටත් දෙමළ ජනතාවගේ සංස්කෘතියට හානි කළ පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත්ය.

විරෝධතාකරුවන් විසින් විරෝධතාවය අවසානයේ පෝස්ටර් බැනර් දමා ගිනි තැබීමටද පියවර ගත්හ.

එමෙන්ම සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේද ප්‍රදේශයේ සිවිල් සංවිධාන ඇතුලු වැසියන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කරමින් කියා සිටියේ හින්දු සංස්කෘතියට අගෞරව වන අයුරින් කටයුතු කල සියලු දෙනා නීතියේ ඉදිරියට පැමිණවිය යුතු බවටත් මහෙස්ත්‍රාත් නියෝගය කඩ කරමින් ආදාහන පූජෝත්සවය විහාරභූමියේම සිදුකිරීමට අනුබල දුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසද නීතියේ ඉදිරියට රැගෙන ආ යුතු බවටත්ය.

මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජොත්සවය 23 වනදා විහාර භූමියෙන් එපිට පිහිටි නයාරු මුහුදු තීරයේ සිදු කරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා තීරණය ලබා දී තිබියදී විහාරාධිපති හිමයන්ගේ අදාහන පූජොත්සවය ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණයකට අනුව විහාරභූමියේම සිදු කිරීමට විහාර දායකසභාව විසින් පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More