දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡුාවක් ලබන 30 දා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

පොදු ලකුණකින් තරග කළ යුතුය යන ස්ථාවරයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවමත් සිටින බව කී වීරකුමාර දිසානායක මහතා මෙතෙක් පැවැති සාකච්ඡුාවලදී කතා බහට ලක්නොවූ කරුණු රැසක් එම මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡුා කිරීමට නියමිත බව ඊයේ (26දා) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

බොහෝවිට එම මධ්‍යම කාරක සභාවෙන් හෝ තවත් කාරක සභා වට කිහිපයකින් ශ‍්‍රීලනිපය අවසන් තීන්දුව ප‍්‍රකාශයට පත්කරන බවත් හෙතෙම පැවැසීය.

එක පක්‍ෂයක සිටිමින් කැඞී ගියත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් මේ වනවිට පක්‍ෂ දෙකක් බවද එකතුවීමේදී යම් යම් ගැටලූ මතුවූවත් දෙපාර්ශ්වයම ප‍්‍රායෝගිකව වැඩකිරීමේදී ඇතිවන බාධා අඩු බවද කී වීරකුමාර දිසානායක මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද අත්‍යවශ්‍ය බවද කීවේය.

එම නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරුන් ඇතුළු පහළ සිටින පාක්‍ෂිකයන් දෙපාර්ශ්වයම එකතුවීම පිළිබඳ එක් ස්ථාවරයක සිටියද ඒ සඳහා පොහොට්ටු ලකුණ නොමැතිව පොදු ලකුණකින් තරග කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව හෙතෙම සඳහන් කළේය.

අවසන් මොහොත දක්වාම ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා කරන බව කී වීරකුමාර දිසානායක මහතා පොදුජන පෙරමුණට නාමයෝජනා භාර දුන්නද ලකුණ වෙනස් කිරීමට නීතිමය බාධාවක් නොමැති බවද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More