දේශීය පුවත්

සමාජ  මාධ්‍යයේ  පළවෙන  නවක වද සිදුවිම පැරණි සිදුවිමක් බවත් වසර 5 ක් තුළ  නවක වදය නිසා සරසවිය හැරගිය සිසු සිසුවියන් යළි  බඳවා ගැනිමට වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවා ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය  සුජිව අමරසේන මහතා පවසයි.

ඊයේ  (25)  සවස එම විශ්ව විද්‍යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකදි ඔහු  මේ  බව පැවසිය .

එහිදි අදහස් පළකල ඒ මහතා ,

‘‘මේ  මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ ඊයේ ඉදන් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන සිසුවියන් පිරිසක් විසින් නවක සිසුවියන්ට ලබාදෙන නවක වද සිදුවිම සම්බන්ධ විඩියෝ පටය සම්බන්ධවයි . මේ  විඩියෝ පටය සත්‍ය විඩියෝ පටයක් , නමුත් මේක  පැරණි සිද්ධියක් . මෙය සිදුවෙලා තියෙන බවට මට වාර්තා වෙන්නෙ 2019 වර්ෂයේ මාර්තු 13 හෝ 14 යන දින දෙකෙන් එකකයි. මම උපකුලපතිවරයා හැටියට පත්වුණේ  2019 මාර්තු 9 වනදා . එතකොට මේ  සිදුවිම සම්බන්ධව වගකිමක් මට තිබෙනවා . මේ  සිදුවිම සම්බන්ධව මම සොයා බැලූවා. මෙය සිදුවෙලා තියෙන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ උඩ කැන්ටිමේ  කියන ස්ථානයේ .

මේ  කැන්ටිම පිළිබදව මම මිට පෙර මාධ්‍ය මගින් අනාවරණයක් සිදුකරා . මේ  ස්ථානයේ තමයි කෘර විදියට නවක වදය ලබාදිම සදහා මේ  අය යොදාගත් ස්ථානය .  මැයි මාසයේ මෙතන තිබිලා කොන්ඩමි බාල්දි ගණන් හමුවුනා . අද වෙනකොට එම වදකාගාරය මම කඩා දමන්න කටයුතු කරා . මාර්තු සිදුවිමේදි ශ‍්‍රාස්ත‍්‍ර පිඨයේ පිඨාධිපතිවරයට දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා උඩ කැන්ටිමේ  සිසුවියන් පිරිසකට නවක වදය ලබාදෙනවා කියලා .  ඒ අනුව ශ‍්‍රාස්ථ පිඨයේ අචාර්යවරු  50 ක් පමණ එම ස්ථානයට කඩා පැන තියෙනවා . ඒ අවස්ථාවේ  නවක වදය දෙමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුවියෝ පැනලා දුවලා තියෙනවා . ඒ හින්දා  මේ  විඩියෝ  පඨයේ ඒ අයගේ පින්තුර පෙන්නෙ නැහැ . මම එම ආචාර්යවරුන්ට  ප‍්‍රශංසාව පුදකරනවා මෙවැනි කි‍්‍රයාවක් සිදුකරාට . මොකද වසර 15 කින් පමණ එම ප‍්‍රදේශයට කවුරුවත් ගිහින් නැහැ , මහා ශිෂ්‍ය සංගමය තමයි බයකරගෙන කාටවත් යන්න නොදි ඉදලා තිබුණේ . අද වෙනකොට මම එම වදකාගාරය කඩා දමා විශ්ව විද්‍යාලය තුළ  නවක වදය තුරන් කරලා තියෙනවා .

මාර්තු මාසයේ නවක වදයට ගොදුරු වු එම දරුවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ  සිදුවිම පිළිබදව මට ලිඛිතව වාර්තා කරන්න , එතකොට අපට පරික්ෂණ වලට පහසුයි . අදවෙනකල් මේ  සිදුවිම සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් මට ලැබිලා නැහැ . මම නිති අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරිවරයා සහ පාලක මණ්ඩල සමාජිකයන් සමග සාකච්ජා කරලා ගතහැකි කි‍්‍රයාමාර්ග ගන්නවා . මේ  නවක වදය දෙන්න සිසුන් යොමු කරන්නේ පෙරටුගාමි පක්ෂය විසින් .  ඒ අයගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් සිසුන් යොදා ගන්නවා .

ඉස්සර නවක වදය කියලා කළේ සිංදුවක් කියලා සබකෝලය නැති කරන එකනේ .  නමුත් මේ  අය කළේ ලිංගික හිංසනය , ප‍්‍රචණ්ඩත්වය , ස්ති‍්‍ර දුෂණය , වගේ දේවල් . මම උපකුලපති වෙලා මේ  හැම දෙයක්ම අධ්‍යයනය කරලා මැයි මාසේ වදකාගාරය කැඩුවා .  එයට සම්බන්ධ සියලූ දෙනා අද සිරබත් කනවා . ඊළඟට මට කියන්න ඕන  රුහුණු විශ්ව විද්‍යාලයේ සනාතන සභාව තින්දු කරලා තියෙනවා පසුගිය වසර 5 තුළ  අප සරසවියේ නවක වදය නිසා දාලා ගිය සිසු සිසුවියන්ට කැඳවිමේ  ලිපියක් යවන්න . ඇවිත් ඉගෙන ගන්න උපාධිය අවසන් වෙනකල් ආරක්ෂා කරනවා කියලා . ඒ අයගේ තොරතුරු හොයා බලා ඇතුලත් කරගන්න කටයුතු කරනවා . දැනට රුහුණු සරසවියෙන් නවක වදය බැහැර වෙලා තියෙන්නේ එම නිසා කිසිකෙනෙක් බියවිමට අවශ්‍ය නැහැ . දැන් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු කරනවා . අර වි ඩියෝ පටය සම්බන්ධව වගකිමක් අපට ගන්න බැරි වුණත් මෙයට සම්බන්ධ අයට  දඬුවම්  ලබාදෙනවා . අපගේ අවම දඬුවම සරසවියෙන් නෙරපිමයි’’ යැයි අමරසේන මහතා තව දුරටත් පැවසිය .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More