දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරණයක් කැඳවා තිබියදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නියෝග තුට්ටුවකටවත් නොසලකා මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයන්ට නීතිවිරෝධී පත්වීම් ලබාදීම, කඩ කාමර, නිවාස, සිමෙන්ති ලබාදීම  ඇතුළු රාජ්‍ය දේපළ අවභාවිතය  බරපතළ ලෙස සිදු කරන බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නීතිවිරෝධී පත්වීම් ලබාදීම බරපතළ ලෙස සිදු කරන බවත් ඒ යටතේ සෞඛ්‍ය හා පෝෂණ සහායක තනතුරු 700ක් හා විදුහල්පති පත්වීම් 1958 ලබාදීමට කටයුතු කරන බවත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම විදුහල්පති පත්වීම් ලබාදීමේදී පැවති තරග විභාගය සහ සම්මුඛ පරීක්ෂණ අනුව තේරී පත්වූ  අයගේ ලැයිස්තුව ඉවත දමා එජාප හිතවතුන් 862කගේ නම් ඇතුළත් කළ නව ලැයිස්තුවක් සකසා ඇති බව ද ඒ මහතා අනාවරණය කළේය.

මෙම පත්වීම් ලබාදීමට අරලියගහ මන්දිරයේ සැප්තැම්බර් 24 සංවිධානය කළ උත්සවය මැතිවරණ කොමිසම විසින් අවලංගු කළත් 2019 ඔක්තෝබර් 02 වැනිදා මහරගම අධ්‍යාපන විද්‍යාපීඨයේ දී සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පවත්වා එම කටයුතු සිදු කිරීමට තරම් මෙම ආණ්ඩුව නිර්ලජ්ජිත වී ඇති බව ද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

ජල සම්පාදන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පදනම් ආයතනය, සෞඛ්‍ය හා පෝෂණ කටයුතු අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල ද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා දහස් ගණනින් අයථා පත්වීම් ලබා දීම සැප්තැම්බර් 19 වැනිදා සිට සිදු කරන බව ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

මේ මොහොතේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වීරවිල ක්‍රීඩාංගණයට පවුල් 800ක් කැඳවා එක් පවුලකට සිමෙන්ති කොට්ට 15 බැගින් සිමෙන්ති කොට්ට 12000ක් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා විසින් බෙදා දීම සිදු කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවාස 12ක් සුදුසුකම් ලැබූ, අඩු ආදායම්ලාභී පවුල් ඉවත දමා තම හෙන්චයියන් වෙත ලබා දීමත්  මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයෙන් කඩ කාමර තම හිතවතුන්ට ලබා දීමත් මේ දිනවල සිදු කරන බව ද පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More