දේශීය පුවත්

උතුරු පලාතේ සියලුම අධිකරණයන්හි සේවයේ නිරත නීතිඥවරුන් අද (24) උදෑසන වැඩවර්ජනයක නිරත වීමෙන් අනතරුව දහවල් මුලතිව් අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වමින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නියෝගය කඩකල ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමිනි.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා එක් පිරිසක්ද ගමන් කල අතර තවත් පිරිසක් මුලතිව් රෝහල ඉදිරිපිටින් විරෝධතාවය ආරම්භ කොට  මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට සියල්ලන් එක්ව විරෝධතාවය නිරතවීමෙන් පසුව විරෝධතා කරුවන් පිරිසක් විසින් මුලතිව් දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය අතට සන්දේශයක්ද භාර දෙනු ලැබීය.

නීතියේ සාධාරණය කෝ, නීතියට විරුද්ධවූවන්‍ට සිදුකරන්නේ කුමක්ද?දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයින් කොහිද? මුලතිව් දෙමළ ජනතාවගේ උරුමය රැක දෙන්න ලෙසට විරෝධතාකරුවන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින්, කළු පටි පැළඳගෙන විරෝධතාවයේ නිරතවින.

මෙම විරෝධතාවය උතුරු පලාත් නීතීඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා දෙමළ පාරම්පරික උරුමයන් සුරැකීමේ සංගමය , හින්දු කෝවිල් සංගමය, ස්වේච්ඡා සංවිධාන කිහිපයක් මෙන්ම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ අතරම හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාද සහභාගී වෙමින් සහය පල කරනු ලැබීය.

විරෝධතාවයට එක්වු උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස ඊයේ(23) නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහානය කිරීම තමන් ඇතුළු පිරිස අනුමත නොකරන අතර, ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ නීතිය නිසි පරිදි ඉටුකළ යුතුයි එමෙන්ම උතුරු පළාතේ දමිළ ජනතාවගේ නිජ භූමිය තුළ නව සිංහල ජනාවාස බිහි කරමින් උතුරේ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සිදුකිරීමේ වැඩසටහනක් රජයේ උපකාර මත සිදුවන බැවින් අදාළ ක්‍රියාවන් වහාම නවතා දැමිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

එහිදී උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාවේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශිවමෝහන් මහතා,ශාන්ති ස්කන්ධරාජා මහත්මිය,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.

උද්ඝෝෂණයට සහභාගී වෙමින් උතුරු පලාත් නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ඇන්ටන් පුනිදනායගම් මහතා කියා සිටියේ,

‘අපි අද උදෑසන සිටම උතුරු පලාතේ ඉන්න සියලුම නීතීඥ වරුන් වැඩවර්ජනය ආරම්භ කළා මේ වැඩ වර්ජනය සිකුරාදා වෙනකම් අපි සිදු කරනවා අපිට විසඳුමක් ලැබෙනතුරු ඊයේ (23) දින මුලතිව් ගුරුකන්ද විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු විහාර භූමියෙන් එපිට මුහුදු වෙරලේ සිදු කරන්න කියලා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා නියෝග කලා එවැනි නියෝගයක් දී තිබුනු අවස්ථාවක ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිසක් විසින් අධිකරණ නියෝගය කඩ කරමින් විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු පන්සල් භූමිය තුලම සිදු කලා මේකෙන් පන්සල් භූමියේ තිබුනු නීරාවි පුල්ලයාර් කෝවිලේ බැතිමතුන්ට විගේම පූජකයින්ටත් ඒ අයගේ සංස්කෘතියටත් දැඩි අසාදාරණයක් වුනේ ඒ වගේම තමයි ආදාහන පූජොත්සවය පැවති වෙලාවේ අපේ දමිළ නීතිඥවරයෙකුට පන්සලේ පිරිසක් බලපෑම් කරල තියනවා මේ සියලු දේ වෙනුවෙන් සාධාරණයක් වෙන්න ඕන ඥානසාර හිමි ඇතුලු පිරිස අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි අධිකරණ නීතිය කැඩූ පිරිසට නීතිය ක්‍රියාත්මක කල යුතුයි කියල තමයි අපි මේ විරෝධතාවය පවත්වන්නේ, යනුවෙනි.

එමෙන්ම විරෝධතාවයට එක් වූ හින්දු කෝවිල් සංගම් නියෝජිතයින් පවසා සිටියේ ,

‘ මුලතිව් අධිකරණය විසින් බෞද්ධ හින්දු දෙපාර්ශවයටම හානියක් නොවන අයුරින් තීන්දුවක් දුන් අවස්ථාවක ඒ තීන්දුවද නොසලකා හරිමින් ගුරුකන්ද රජමහවිහාරයේ ආදාහන පූජොත්සවය සිදු කල පිරිස් වෙතට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ඒ වගේම මේ වගේ සිදුවීම් වලින් අපේ සංස්කෘතියටයි හානි වෙන්නේ දෙමළ සිංහල භේද ඇති වෙනවා ඇතම් පාර්ශව නිසා මේ දෙවල් වහාම නැවත්විය යුතුයි. යනුවෙනි.

එහිදී ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පැවසූවේ  අධිකරණ තීන්දු තීරණ ලැබීම පමා වීම හේතුවෙන් මෙන්ම විහාරාධිපති හිමියන්ගේ  දේහය අවපැහැ ගැනීමත් නිසා ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව ගුරුකන්ද විහාර භූමියේම විහාරාධිපති හිමි පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටුයුත සිදු කළ බවටය.

කෙසේ වෙතත් අද (24) දින උතුරේ නීතිඥ වරුන් නඩු කටුයුතු වලින් ඉවත් වීම හේතුවෙන් නඩු විභාග වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි පිරිස් අපහසුතාවයන්ට පත්වෙමින් ආපසු නිවෙස් වෙතට පිටත් වූහ.

.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More