දේශීය පුවත්

ජල ගැලීම්වලට කොටු වූ පුද්ගලයින් 18 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, අවතැන් වූ පුද්ගලයින් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද පියවර ගත් බව ය.

අධික වැසි සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්ක සඳහා සහන කණ්ඩායම් රැසක් යොදවා ඇතැයි ද නාවික හමුදාව සඳහන් කළේ ය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම,නෙළුව, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදූව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේ වන විට සහන කණ්ඩායම් ක්‍රියාත්මක ය.

ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් යොදවා ඇතැයි නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More