දේශීය පුවත්

අද(24) දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් බලපාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ඊයේ(23) දින පෙරවරු 8.30 යේ සිට අද අලුයම 3.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මිලිමීටර් 219ක වර්ෂාපතනයක් කටුනායකට ලැබී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ ප්‍රදේශයට මිලිමීටර් 175ක වර්ෂාපතනයක් සහ හියාරේ ප්‍රදේශයට මිලිමීටර් 172ක වර්ෂාපතනයක් පතිත වී ඇති බව වාර්තා වෙයි.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට(25) රාත්‍රිය කාලය දක්වා තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් අද(24) සහ හෙට(25) යන දෙදින වසා තැබිමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක් පහක් සඳහා නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

කළුතර, කැගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් දැඩි නායයෑමේ අවදානමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැඟිලි පාර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර ගංගා කිහිපයක ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ.

නිල්වලා, ගිං සහ කළු යන ගංගා ආශ්රි්ත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

නිල්වලා ගගේ පානදුගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ගිය ගගේ බද්දේගම සහ තවලම ජල මිණුම් ස්ථානවල ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබේ.

කළු ගගේ මිල්ලකන්ද ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති බවයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් මාතර කඩවත් සතර, තිහගොඩ, මාලිමබඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස, දෙවිනුවර, කිරින්ද පුහුල්වැල්ල, පස්ගොඩ පිටබැද්දර, වැලිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ජල ගැලීම් හටගෙන තිබේ.

ඊට අමතරව ගාල්ල, බද්දේගම, බෝපේ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම, නෙලුව, අක්මීමන, යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ද ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, කළුතර, මදුරාවල, මිල්ලනිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක පවුල් 1475කට අයත් පුද්ගලයින් 5539ක් මේ වන වට පීඩාවට පත්ව තිබේ.

ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පවුල් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ වන විට එක් පුද්ගල මරණයක් වාර්තා වන අතර නිවාස 12කට පූර්ණ හානී සහ නිවාස 152කට අර්ධ හානී සිදුව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More