දේශීය පුවත්

– දරු දෙදෙනා එළියට පැන දිවි බේරා ගනිති

– කම්පනයෙන් තවත් ආබාධිත කාන්තාවක් රෝහලේ

– තවත් නිවාස රැසකට පස් කඳු කඩා වැටේ

ගාල්ල දිස්ත‍්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග වඳුරඹ, ඉමදුව, බද්දේගම යන ප‍්‍රදේශවල නිවාස කිහිපයක් මතට පස්කඳු කඩා වැටීමෙන් ඊයේ (23 දා* එක් අයකු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ වඳුරඹ පොලිස් වසමේ කීඹිකන්ද ප‍්‍රදේශයේ කොකාවල ග‍්‍රාම නිලධාරි වසමේ පදිංචි 46 හැවිරිදි මාබොටුවන විතානගේ ලසන්ති රසිකා නමැති තිදරු මවකි. එම අවස්ථාවේ නිවසේ සිටි දරුවන් දෙදෙනකු එළියට පැන දිවි බේරා ගෙන තිබේ. මේ අතර එම නිවස අසල සිටි 48 හැවිරිදි ආබාධිත කාන්තාවක් ද කම්පනයට පත්ව කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් ඇත.

සිද්ධිය වාර්තා වීමත් සමග යුද හමුදාවේ සහ අනෙකුත් සහන සේවා කණ්ඩායම් පිටත්ව ගිය ද එම ස්ථානයට ළඟාවීමේ දැඩි බාධා තිබූ බව ද ආපදා කළමනාකරණ ඒකකය පැවසීය. ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ නිවස තිබූ ස්ථානය මඩ වගුරක්ව තිබූ බවය. එම ස්ථානයට පැමිණි බැකෝ යන්ත‍්‍රයක් ද අනතුරට ලක්වීම නිසා පසුව වෙනත් බැකෝ යන්ත‍්‍රයක් ගෙන ඒමට පොලිසියට සිදුවිය. පසුව මහත් පරිශ‍්‍රමයක් දරා යටවී සිටි කාන්තාවගේ සිරුර ගොඩට ගෙන ඊයේ සවස කරාපිටිය රෝහල වෙත ගෙන එන ලදී.

මියගිය කාන්තාවගේ සැමියා පාසල් සිසුන් ප‍්‍රවාහනය කිරීමේ සේවාවක් පවත්වා ගෙන යන බවත් ඊයේ ඔහුගේ බිරිඳ වන මියගිය කාන්තාව නිවසේ සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගාල්ල අතිරේක දිස්ත‍්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා පැවසුවේ මෙයට වසර දෙකකට පමණ පෙර මෙම නිවසට නායයෑමේ අනතුරු දන්වා ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා ඇති බවය.

බද්දේගම ගණේගම දකුණ ප‍්‍රදේශයේ නිවාස කිහිපයක් මතට ද පස් කඳු සහ ගල් පෙරළීමෙන් හානි සිදුව තිබේ. ගාල්ල රිච්මන්ඞ් කන්ද ප‍්‍රදේශයේ පස් කන්දක් පාරට කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා පැමිණ තිබිණි.

ඊයේ සවස් වන විට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 1386ක සාමාජිකයින් 5199 දෙනකු පීඩාවට පත්ව ඇති බවත් ඔවුනට අවශ්‍ය සහන සේවා සැලසීමට සියලූම පියවර ගෙන ඇති බවත් ගාල්ල දිස්ත‍්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර නිවාස 9කට පූර්ණ හානි ද නිවාස 63කට අර්ධ හානි ද සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More