දේශීය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රේගුවට ලැබුණු රත්තරන් කිලෝ 45 කින් කිලෝ 8ක් සඳහිරු සෑයේ රත‍්‍රං බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කර තැන්පත් කිරීම සඳහා “අගයකලයුතු රාජ්‍ය කර්තව්‍යයන් සඳහා මුදාහැරීමේ පදනම” මත, නිසියාකාරව රාජ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් ලබාගත් බවත් එම පටිපාටිය මත පසුගිය කාලයේ ඇමතිවරයෙක් පන්සල්වලට ඇත් දල බෙදා දුන් බවත් රේගුවෙන් අත්අඩංගුවට ගත් සුදුහඳුන් දළදා මාලිගාවට පසුගිය කාලයේ ලබා දුන් බවත් මැදගොඩ අභයතිස්ස හිමි මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මෙම රත්‍රං තනි පුද්ගලයෙකුට ගිය දෙයක් නොවන බවත් රාජපක්ෂ පවුලේ බලවතකුගේ බලකිරීම මත රත්‍රං මුදා හැරීමට සිදුවූ බවට ප්‍රකාශ කරන ලෙස රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ දෙපලකට බල කිරීමක් සිදුකර ඇති බවත් මේ සඳහා බලපෑම් කලේ ගෝඨාභය රාජපක්ෂ බවට පවසන ලෙස අපරාධ විමර්ශන අංශ ප්‍රශ්න කිරීමේදී පවසා ඇති බවත් ඒ හිමියෝ පැවසුහ.

මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේ, එල්ලාවල මේධානන්ද හිමි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එකතුව සජීවී විකාශයක් අතරතුර සඳහිරු සෑයේ තැන්පත් කල බවත් මේ රන් පිළිම වහන්සේ තැන්පත් කිරීම වරදක් සේ සලකා අහිංසක රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙනවානම් ඊට පෙර මෙම කාර්ය සඳහා උපදෙස් ලබා දුන් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අභයතිස්ස හිමියෝ පැවසුහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More