අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් මත්පැන් සමාගම ගතවූ මාස කිහිපය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් මිලියන අටසිය අසූ දෙකක් නොගෙවා පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළිකරයි.
ඒ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන්නේ දින පහළොවෙන් දින 15ට රජයට ගෙවිය යුතු වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු මුදල් වලට අයත් රුපියල් මිලියන හාරදහස් හාරසිය හැට ගෙවීමද පැහැර හැර ඇති බවයි. මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු බදු මුදල් පැහැර හැර ඇති බවට මීට පෙර ද අනාවරණය කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට චෝදනා කරන වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙම බදු නොගෙවීම පිටුපස සිටිනවාද යන්න ගැන සැකයක් ඇතිවී තිබෙන බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...