දේශීය පුවත්

ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා සඳහන් කළේ, ජාතික පාසල්වල ශිෂ්‍ය පුරප්පාඩු 40,000 කට අධික සංඛ්‍යාවක් පවතින බව අනාවරණ වී ඇති බවයි.

ඒ අනුව අදාළ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් පවත්වා ඇති බව ඔහු සඳහන් කළේ ය.

පළමු අදියරේදී පුරප්පාඩු 4500 ක් සඳහා සිසුන් තොරාගෙන ඇති බව අතිරේක ලේකම්වරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, තෝරාගත් සිසුන් පදිංචි ලිපිනයන් වෙත ඒ සම්බන්ධ ලිපි යොමු කර ඇති බවයි.

සෙසු පුරප්පාඩු සඳහාත් කඩිනමින් සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More