දේශීය පුවත්

දේශපාලන උණුසුම මධ්‍යයේ පාතාල මර්දන මෙහෙයුම් ඇනහිට ඇති නිසා ඉන්දියාවේ සැඟවී සිටින පාතාල නායක අංගොඩ ලොක්කා මෙරටට පැමිණ වෙනත් විදේශ රටකට පැන යෑමට සැලසුම් කර ඇතැයි පාතල මර්දන ඒකකය අනාවරණය කරගෙන ඇත.

සමයං ඇතුළු පස් දෙනකු ඝාතනය කිරීමෙන් පසු ‘අංගොඩ ලොක්කා’ හා ‘ලඩියා’ ඉන්දියාවට ගෙන්වා ගත්තේ කිඹුලාඇල ගුණාගේ කණ්ඩායමය. අංගොඩ ලොක්කාට එලෙස ඉන්දියාවේ රැකවල් දී ඇත්තේ මධුෂ්ගේ කීමටය. ඉන්දියාවේ සිට ඩුබායිවලට යාමට අංගොඩ ලොක්කා උත්සාහ කළත් මාකඳුරේ මධුෂ් ඊට සහාය නොදීම හමුවේ දෙදෙනා අතර විරසකයක් පැවතුණි.

මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඩුබායි සිට මධුෂ් බේරා ගැනීමේ මෙහෙයුමට ලොක්කා සොයා ඉන්දියාවට පැමිණි මොහොතේ ලොක්කා ඇය තමාගේ ළඟ නවත්වා ගැනීම නිසා මධුෂ් හා ලොක්කා අතර මරාගන්නා සටනක් දක්වා ගැටුම දුරදිග ගොස් ඇතැයි බුද්ධි අංශ වෙත වාර්තා විය. මධුෂ් රහස් පොලිසියේ රඳවා සිටින තැනකදී හෝ අවසන් ගමන් යවන්නට ලොක්කා සැලසුම් කරන බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. මධුෂ්ගේ හිතවත් පාතාල කණ්ඩායම් වන කිඹුලාඇළ ගුණාගේ කල්ලිය සමග ඉන්දියාවේ රැඳී සිටීම අනතුරුදායක යැයි කියා ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට පැමිණෙන්නට සැලසුම් කළ බව ඉන්දියාවේ සිටින පාතාල ඔත්තුකරුවන් මෙරට බුද්ධි අංශවලට පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More