ව්‍යාපාරික පුවත්

තේ අපනයනකරුවන්ගේ සංගමයේ 20 වන සම්මේලනය ‘ලාංකීය තේ කර්මාන්තයට අභියෝගාත්මක කාලයක්’ යන තේමාව යටතේ පසුගිය දා කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර, ආරාධිත දේශනය හේලිස් ලෙෂර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් කාර් මහතා විසින් පැවැත්වීය. මෙහිදී කර්මාන්තය ප්‍රමුඛ කාර්යක් කරමින් කැපී පෙනෙන නිෂ්පාදන කාර්යයක නිරත වූ නිෂ්පාදකයන් සඳහා අඛණ්ඩව තෙවන වරටත් සම්මාන ප්‍රදානය කිරීමද සිදුවිය.

විශාල පරිමාණයෙන් තේ නිෂ්පාදනය කරන ලොව පිළිගත් රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වන ස්ථානය හිමිකරගෙන ඇති අතර, තේ අපනයන කාර්යයේදී තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත. තත්ත්වය එසේ වුවද, ලොව ප්‍රකට ‘සිලෝන් ටී’ අර්බුද රැසකට මුහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස තේ කර්මාන්තයේ වර්ධනය ක්‍රමයෙන් අඩාල වීමේ තත්ත්වයකට පත්ව ඇත.

අහිතරක කාලගුණික තත්ත්ව, ග්ලයිෆොසේට් භාවිතය තහනම් කිරීම, නැවත වගාකිරීම ප‍්‍රමාණවත් අයුරින් සිදු නොවීම, තරුණ ශ‍්‍රම බලකායේ අඩුවීම සහ තේ වල ගුණාත්මකබව ක‍්‍රමයෙන් පහළ යාම ආදී දෙශීය වශයෙන් පැන නැගී ඇති ගැටලූ රැුසක් මේ සඳහා බලපා ඇති අතර, ගෝලීය අපනයන කාර්යයේදී එක්සත් ජනපදන මැදපෙරදිය ඇතැම් රටවල් සහ රුසියාව සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක, තරඟකාරීත්ව හමුවේ වෙනත් තේ නිෂ්පාදනය කරන රටවල් අඩු මිලකට නිෂ්පාදන සැපයීම අද වන විට ශ‍්‍රී ලාංකීය තේ නිෂ්පාදනය පහත වැටීමට හේතු වී ඇත.

කර්මාන්තයේ වත්මන් ගැටළු සම්බන්ධයෙන් අදහස් දක්වමින් වත්මන් සභාපති සංජය හේරත් මහතා ප‍්‍රකාශ කර සිටියේ ‘‘සාම්ප‍්‍රදායික තේ වෙළෙඳපල සීමා කරන ජාත්‍යන්තර බාධක, නැඟීගෙන එන තරඟකාරිත්වය, ලාංකීය තේවල ගුණාත්මක බව ආරක්‍ෂා කිරීම සඳහා මුහුණ දෙන අභියෝග, පැරණි තේ බෝග වගාවන්, බෝග මට්ටම පහළ වැටීම සහ මුදලේ අස්ථාවරත්වය, අපගේ තේ වගාව වේ අස්ථාවරත්වයට ඇති ප‍්‍රධාන අභියොගයන් අතරින් කිහිපයක් පමණි’’, යනුවෙන් පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ, ‘‘පෞරාණික උරුමයක් ඇති, ජෛව විවිධත්වයකින් යුක්ත ශ‍්‍රී ලංකාව, ලෝකයේ ඕනෑම ප‍්‍රදේශයකට සති 4ක් තුළ භාණ්ඩ ගෙන යා හැකි සුවිශේෂී පහසුකම් ඇති සුවිශේෂී ස්ථානයක්. අපට කෙතරම් බාධක පැමිණියද අපගේ මේ ආවේණික ශක්තීන් සහ අවස්ථාවන් මැනවින් සුරක්‍ෂිත කරගත යුතු අතර, ජාත්‍යන්තර තරඟකාරිත්වය හා සමගාමීව, ගුණාත්මක සහ ප‍්‍රමාණාත්මක නිෂ්පාදන කාර්යයක් සඳහා අප සතු ගැටලූ විසඳාගැනීම තුළින් අපගේ කර්මාන්ත ඉදිරියට ගෙන ඒම සඳහා කටයුතු කළ යුතුයි.’’ යනුවෙනි.

නවතම වාර්තාවන්ට අනුව, 2019 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 184 ක නිෂ්පාදනය කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාල වකවානුව තුළ නිෂ්පාදනය කළ තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 182.1 ක ප‍්‍රමාණයට සාපේක්‍ෂව කිලෝ ග‍්‍රෑම් මිලියන 1.9 ක වර්ධනයකි. මෙයට අමතරව 2019 තේ අපනයන වාර්තාවන්ට අනුව මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ තේ කිලෝග‍්‍රෑම් 170 ක ප‍්‍රමාණයක් අපනයනය කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලය තුළ අපනයනයන කළ තේ කිලෝග‍්‍රෑම් 162.7 ක ප‍්‍රමාණයට සාපේක්‍ෂව කිලෝග‍්‍රෑම් මිලියන 7.3 ක වර්ධනයකි. මෙම කාලය තුළ ලැබූ ආදායම සම්බන්ධයෙන් විමසීමේදී මෙම වසරේදී රු. බිලියන 141.4 ක ආදායමක් ලැබූ අතර, එය පසුගිය වසරේ එම කාල වකවානුව තුළ ලැබූ රු. බිලියන 133.8 ට සාපේක්‍ෂව රු. බිලියන 7.6 ක ආදායමේ වර්ධනය වීමකි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම වසරේ ජනවාරි සිය ජූලි දක්වා කාලය තුළ ත්‍ඊධ අගය කිලෝග‍්‍රෑම් එකකට රු.831.77 ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේ පැවති ත්‍ඊධ අගය වූ රු. 822.44 ක මිලට සාපේක්‍ෂව රු.9.33 ක අගය වැඩිවීමකි. තේ ප‍්‍රමාණය

සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සපැමිණි ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති අකිර සුගියාමා මහතා අදහස් දක්වමින්, ‘‘ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයන් ගුණාත්මක බව ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන යාම සඳහා ශ‍්‍රී ලංකා තේ නිෂ්පාදකයින් සහ තේ අපනයන සමාගම් ගන්නා උත්සාහය මම අගය කරනවා. එමෙන්ම තේ අපනයනකරුවන්ගේ සංගමය මඟින් තේ කර්මාන්තයේ මෙන්ම ශ‍්‍රී ලංකාවේ සමස්ථ සමාජයේ සංවර්ධන කාර්යය වෙනුවෙන් සිදුකරන සුවිශේෂී සමාජ සත්කාර්යයන් සම්බන්ධයෙන් මගේ කෘතඥතාවය ඔවුන් වෙත පිළිගන්වනවා.’’

‘‘බොහෝ ජපන් ජාතිකයක් ශ‍්‍රී ලංකාවේ තේ වලට කැමත්තක් දක්වනවා. සංඛ්‍යාලේඛනයන්ට අනුව ශ‍්‍රී ලංකාවෙන් ජපානයට අපනයනය කරණ තේ ප‍්‍රමාණය සමස්ත අපනයනයෙන් 20%ක ප‍්‍රමාණයක්’’ යනුවෙන් පැවසීය. තවදුරටත් අදහස් දක්වමින්, ‘‘මෙම නව කාල පරිච්ඡේදය තුළ ඇතිවී ඇති වර්ධනීය තත්ත්වය හමුවේ, ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර ඇති මිත‍්‍රත්වයේ බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම මගේ අපේක්‍ෂාවයි. මෙයට අමතරව තේ සඳහා වන අපගේ කැමැත්ත තුළින් දෙරට අතර මිත‍්‍රත්වයේ පාලමක් නිර්මාණය කළ හැකි බවත්, එමා කාර්යයේදී තේ අපනයනකරුවන්ගේ සංගමය ප‍්‍රධාන කාර්යයක් සිදුකරණු ඇතැයි තමා අපේක්‍ෂා කරන බව.’’ පැවසීය.

තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න මහතා අදහස් දක්වමින්, ‘‘මීට වසර 20 කට පෙර තේ අපනයනකරුවන්ගේ සංගමය ආරම්භ කිරීමට යොමු වුනේ, තේ කර්මාන්තය හා සම්බන්ධ පොදු ගැටලූ සාකච්ඡා කිරීමේ සහ දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ඇතිවන ගැටලූකාරී අවස්ථාවන්හිදී විසඳුම් සපයා ගැනීමේ මූලික අරමුණින්. අද වන විට අපි තේ කර්මාන්තයේ අභියෝගාත්මක සමයකට අවතීර්ණ වෙමින් සිටින අතර, මෙහිදී කර්මාන්තය ඉදිරියට ගෙනයාමට නම් එම අභියෝග තේරුම් ගනිමින්, සාමූහික කාර්යයක නිරතවීම අත්‍යවශය කරුණක්.’’ වැඩිදුරටත් අදහස් දක්වමින් ‘‘වසර 150 කට ආසන්න කාලයක් විදේශ විනිමය උපයා දෙන, ලංකාවේ ප‍්‍රධාන අපනයන කර්මාන්තයක් බවට පත්වූ තේ කර්මාන්තය, වත්මන් තරඟකාරී වෙළඳපල තත්ත්වයන්ට අනුව යාවත්කාලීන කරමින්, අපගේ නිෂ්පාදන සඳහා තරඟකාරී ඉල්ලූමක් ඇතිකරගැනීමේ පරිසයක් ගොඩනගා ගැනීමට යොමුවීම අත්‍යවශය කරුණක්.’’ යනුවෙන් පවසීය.

හේලිස් ලෙෂර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ රොහාන් කාර් මහතා ප‍්‍රධාන දේශනය පවත්වමින්, ‘‘ අප ව්‍යාපාර කරනා අකාරය සම්බන්ධයෙන් වගේම තේ පිළිබඳව සිතනා ආකාරයේ ද සුසමාදර්ශී (ච්ර්ාසටප* වෙනසක් ඇති විය යුතුයි. අපට ශ‍්‍රී ලාංකීය තේ නැවතත් වරක් ලෝක සිතියමේ ගෞරවාන්විත ස්ථානයක තැබීමට අවශ්‍ය නම්, අප සම්ප‍්‍රදායික රාමුවෙන් පිටතට පැමිණ සිතිය යුතුයි.’’ වැඩි දුරටත් අදහස් දක්වමින්, ‘‘මෙහිදී අපට විශිෂ්ට නායකයින්, චින්තකයින් සහ උපායමාර්ගිකයින් එකතු වී ඔවුන්ගේ පෞද්ගලික අරමුණු පසෙක දමා සමස්ත කර්මාන්තය වර්ධනය කිරීමේ පොදු සැළැස්මක් සහ එයට යන මාවතක් ඉදිරි වසර කිහිපය තුළ නිර්මාණය කළ යුතු වෙනවා. මෙය යථාර්තයක් බවට පත්කළ හැක්කේ පෞද්ගලික අරමුණු වලින් බැහැරව, ශ‍්‍රි ලංකවේ තේ ඉලක්කයන් කරා සාමූහිකව ගමන්කිරීමට යොමුවීමෙන් පමණයි.’’

ලොක තේ වෙළඳපල නායකයින් අතර, උපායමාර්ගිකව සිලෝන් ටී ස්ථාන ගත කරමින්, ලොව පුරා ලාංකීය තේ ජනප‍්‍රිය කිරීම සඳහා තේ අපනයනකරුවන්ගේ සංගමය සිදුකරන්නෙ ප‍්‍රමුඛ කාර්යයකි. මෙම ‘ලාංකීය තේ සඳහා අභියෝගාත්මක කාලයක්’ යන තේමාව තුළින්, කර්මාන්තයක් ලෙස ඔවුන් මුහණ දී ඇති දුෂ්කරතා මෙන්ම එම කර්මාන්තයේ නියැලී සිටින පොදු සාමාජික අවශ්‍යතා ප‍්‍රවර්ධනය කිරීමේ සහ ආරක්‍ෂා කිරීමේ කාර්යය අවධාරණය කළේය. විශේෂයෙන්ම කාලෝචිත සහ අදාළ කාර්යක්‍ෂම ප‍්‍රතිපත්ති නිර්මාණයෙන් සහ සියලූම පාර්ශ්වකරුවන් සාමූහික උත්සාහයක් තුළින් මෙම කර්මාන්තයේ වර්තමානය වන විට නිර්මාණය වී ඇති ගැටලූ සඳහා සාර්ථක විසඳුමක් ලබා ගත හැකි බව තේ අපනයනකරුවන්ගේ සංගමය තරයේ විශ්වාස කරනා කරුණකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More