දේශීය පුවත්

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය දේශපාලන බලපෑම් මත ඇවන්ට්ගාඩ් සමාගමට නඩු පැවරූ බවට කියවෙන දුරකථන සංවාදය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ගෙන ගිය දේශපාලන නඩු පැවරීමේ වැඩපිළිවෙළ අනාවරණය වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවසේ පැවැති දානමය පිංකමක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව සිටියේය.

දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ හඬ පටය මඟින් පැහැදිලිවම ඇය විසින් බොරු නඩු පැවරූ බව හා නීතිය හදන්නත් පුළුවන් කඩන්නත් පුළුවන් යන ප්‍රකාශ තුළින් ගෝඨාභය ඉලක්ක කරගෙන ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල පැහැදිලි වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුව විසින් තව තවත් නඩු පැවරීම් සිදු කරනු ඇති බවත් පොලීසිය හා සී අයි ඩී ය ද ආණ්ඩුව විසින් පවසන දේ සිදු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නමුත් ජනතාව පැහැදිලි තීන්දුවක් ලබා දෙනු ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරි සාකච්ඡා ද පිළිබඳ කිසිදු ගැටලුවක් නැති බවත් ඉතුරු කොටස ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More