දේශීය පුවත්

නෙළුම් කුලුන ඉදිකිරීමේදී සිදුවු අක්‍රමිකතාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශය පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සඳහා බලපෑමක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් පල කරමිනි.

නෙළුම් කුලුන ඉදිකිරීමේ දී එසේ මූල්‍යමය අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් ඒ සඳහා සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දඬුවම් කළ යුතුය යන යෝජනාව විරුද්ධ පක්ෂයෙන්ද පැමිණිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ජනාධිපති එහෙම එකක් කිව්වානම් ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳගෙන මේ පිළිබඳ හොයන්න ඕනෙ. මේ පිළිබඳ අනෙක් පාර්ශවය දැක්විය යුතු ප්‍රතිචාරය ඕක නෙවෙයි. එහෙම දක්වන්න එයාලට අයිතියකුත් නෑ. නෙළුම් කුලුන ගැන ප්‍රකාශය ජනාධිපතිතුමා නිකන් කළේ නෑ. ටී ආර් සී එක මැදිහත් වෙලා, කෝප් කමිටුවෙන් මේ ගැන විමර්ශන සිදු කරයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More