දේශීය පුවත්

එ.ජා.ප. ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරා ගැනීම පිණිස පක්ෂනායකයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ තීරණාත්මක වාර්තාව (සඳුදා) පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වෙනුවෙන් පත්කළ කමිටුවේ සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර හා රාජිත සේනාරත්න සමඟ දිනේෂ් වීරක්කොඩි මහත්වරුන්ය. ඔවුන් පක්ෂයට සුදුසු අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. එ.ජා.ප. අපේක්ෂකත්වය ගැන ඇති නවතම සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කොට එජාප හිතවාදී පක්ෂවල මතයද විමසා මෙයට අදාළ නිර්දේශ එම කමිටුව විසින් සකස් කෙරෙන බව අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More