පුරවැසි කොලම

මුසාවාදය, සල්ලාලකම, අමනකම සහ අසංවරකම යන සතර අගතියෙන් ශ්‍රීලනිපය බේරා ගැනීමට ශ්‍රීලනිප පාක්ෂිකයාට කාලය එළඹ ඇත. නොඑසේනම් ශ්‍රීලනිපය දේශපාලන කුණුකූඩයේ පතුලටම යනු ඇත. ඉන් මිදීම සඳහා ශ්‍රීලනිපය තුලින්ම නැගී සිටීමක් ඇති විය යුතුය. ඒ සඳහා දැනට පාර්ලිමේන්තුවේ රැඳී සිටින ශ්‍රීලනිපයින් කියා හංවඩු ගසාගනිමින් සිටින මංත්‍රීවරුන් යම්හේතුවක් නිසා ඉදිරිපත් නොවන්නේනම් ඥානවන්ත ශ්‍රීලනිප පාක්ෂිකයින්ට වෙනම සංවිධානය වී හෝ මේ කටයුත්තට අත ගැසිය යුතුවේ. එසේ නොවී සතර අගතිය නියෝජනය කරන්නවුන්ට ශ්‍රීලනිපය අත්අඩංගුවට ගෙන තවදුරටත් කටයුතු කිරීමට ඉඩදීමෙන් අනාගතයේ ශ්‍රීලනිපයක් ඉතිරි නොවනු ඇත. අවලංගු වී ඇති නිල් බලකායට හෝ මේ අවශ්‍යතාවය තේරුම් යන්නේනම් ඔවුන්හෝ යළි ප්‍රතිසංවිධානයෙන් යුක්තව ශ්‍රීලනිප පාක්ෂිකයා සංවිධානය කලයුතුවේ. සතර අගතිය පන්නා දමා සතර අගතියේ අත්අඩංගුවෙන් ශ්‍රීලනිපය වහා මුදවාගත යුතුවේ.

සතර අගතිය නියෝජනය කරනවුන් කවුරුද යන්න අමුතුවෙන් පැහැදිලි කල යුතු යැයි නොසිතන නමුත් සුළු හැඳින්වීමක් කල යුතු යැයි හැඟේ.

මුසාවාදය නියෝජනය කරන්නේ කවුදැයි පැහැදිලිවම රටටම පසුගිය දිනවල හෙලිවිය. පසුගිය 16 දින නෙළුම් කුළුණ විවෘත කිරීමේදී සිදුකරනලද කෝටි 200 වංචාවක් හෙලිකිරීම මහාලොකු වීර ක්‍රියාවක් සේ සැලකුවද අවසන එය මැංචෝසන් චාරිකාවේ කතාවක් බව හෙලිවිය. පිනෝකියෝ කතාවේ මෙන් බොරු කියන සෑම විටම නාසය දිගුවන්නේ නම් මොහුගේ නාසය මේ වනවිට නෙළුම් කුළුණ අභිභවා ගොස් තිබිය යුතුය. මොහුගේ මුසාවාද වලට ඇමරිකාවේ බකිංහැම් මාලිගය, සෙල්ලම් කරන්න රං අශ්වයො, සෙල්ලමේ යන්න හෙළිකොප්ටර්, ලැම්බෝගිනි ආදිය ඇතුලත්වේ. අතීතයේදී රාජපක්ෂවරුන් හොරුන් ලෙස හඳුන්වනවිට රාජපක්ෂවරුන් ජනතාව මුසාවාදකයින්ට රැවටේයැයි නොසිතමින් මුසාවෙන් ආශ්වාදය ලැබුවද එහි විපාක මැනවින් අවබෝධ කර ගැනීමෙන් මෙවර ක්ෂණික පහරදීමක් මුසාවාදකයින්ට එල්ල කරන ලදී. මුසාවාදකයා ගැන මීට අමතර පැහැදිලි කිරීමක් අවශ්‍ය යැයි නොසිතමි. අමතර කරුනකට සඳහන් කල යුත්තේ මොහු 2014/15 දී ශ්‍රීලනිපය අතහැර ඊට සතුරු පිල සමග සම්බන්දව ශ්‍රීලනිපය පැරදවීමට කටයුතු කලබවයි. එබැවින් මොහුට සැබෑ ශ්‍රීලනිපයෙක් යැයි කිව නොහැක.

සල්ලාලකම් කරන්නවුන් අනන්තවත් සිටියද ඒ සඳහා මහජන මුදල් යෙදවීම  සුදුසු නොවේ.  මහජන මුදලින් කෝටි 21ක් සුප්‍රසිද්ධ නිලියකගේ ගොඩනැගිල්ලකට ගෙවීම සල්ලාලකමේ ප්‍රථිඵලයක් විය හැක. කෝප් කමිටුව හෝ වෙනයම් කමිටුවකට අහවලා තමයි එසේ කරන්න කීවේ කියා එහි වගකීමෙන් මෙවන් වසලයන්ට ගැලවීමට ඉඩදිය යුතු නොවේ. මන්දයත් එම සඳහන් කරන තැනැත්තන් විසින් ඒ සඳහා යෙදවිය යුතු පුද්ගලයින් තෝරා ගන්නේ එම පුද්ගලයින්ගේ රුචි අරුචි කම් අනුව වේ. එනම් මුදල් අවශ්‍ය තැනැත්තාට මුදල් ගසා කෑමට හැකිවෙන තනතුරුද, මතට ගිජු තැනැත්‍තාට එයද, මසට ගිජු තැනැත්තාට මස ලැබෙන තැන් ලැබෙන ආකාරයට තනතුරු ලබාදීමෙනි. එලෙස හැසිරිය හැකි මුග්දයෙක් ශ්‍රීලනිපයේ වගකිවයුතු තනතුරක් දැරීමට ඉඩ හැරීමෙන් පක්ෂයට වන හානිය සුලුපටු නොවේ. එවැන්නන් පක්ෂයේ තීරණ ගැනීමේ තැනක හිඳවීමට සුදුසු පුද්ගලයෙකු නොවේ.

අමනකම යනු මොහුගේ නමේම ගැබ්ව ඇති අතර මොහුද 2015 දී කුරහන් සාටකයේ එල්ලී විත් ජයහ්‍රනය ලැබූ පසු යහපාලනයට මුක්කු ගැසූවෙකි. අමන කොට්ඨාශයක ඡන්ද නිත්‍යව තමාට තිබෙන්නේ යැයි උදම් අනන මොහු, තම ආසනයේ පවතින මහාර්ග වස්තුවක් වූ වරාය කුනු කොල්ලයට විකුනන අවස්ථාවේදී ඒ සඳහා ආධාරවූවෙකි. අඩුම තරමේ තම ගම් ප්‍රදේශයේ පැවති මහාර්ග වස්තුව පිටරැටියන්ට කුනුකොල්ලයට යනවිට තම ආසනයේ ජනතාව වෙනුවෙන්වත් ඉදිරිපත් වීමට තරම් දැනුමක් නොතිබූ අවස්ථාවාදියෙකි. මහින්ද රාජපක්ෂ ඇතුලු කිහිප දෙනෙක් පොහොට්ටුවට ගිය විට ඔවුන්ගේ ආසන බේරාදීමට තමුන් ලිපි ලබාදුන් බව පවසමින් උදම් ඇනුවද එයද සිදුවී ඇත්තේ ඉහලින් ආ බලපෑම් නිසා බව අමුතුවෙන් කිව නොහේ. එවන් දාසයින් අමනයින්ම මිස සන්දානයක තනතුරක් හෙබවීමට සුදුසු නොවේ.

ඊළඟට සතරවන අගතිය වන්නේ අසංවර කමයි. බෙනයට අතදැමූ රිලවෙක් යැයි නම්බුනාමයක් ලැබීම මොහුගේ තරම මැන ගැනීමට සෑහේ. රිලවෙකුටත් අන්තසේ පක්ෂයෙන් පක්ෂයට පනිමින් විත් අවසානයේදී පක්ෂයට හතුරුවූවෙක් පක්ෂයේ නායකත්වයට පත්වූ පසුව පක්ෂයේ ලේකම් කමට පත් කෙරුනිද ශ්‍රීලනිපයේ එවන් වැදගත් තනතුරක් දැරීමට ඔහු කිසිසේත්ම සුදුසු නොවේ. ඔහුට ඇත්තේ පක්ෂයට හතුරු වූවෙකුට කඩේ යෑමේ සුදුසු කම පමනි. එවන් අසංවරයෙකුගේ දැඩි ඉල්ලීමක් වන ජනප්‍රිය ලකුන අත් හල යුතුයි නොඑසේනම් ශ්‍රීලනිපය වෙන දිසාවකට ඇදගෙන යමියි කියන තර්ජනයට ඉඩදී ශ්‍රීලනිපය වලපල්ලට ඇදගෙන යාමට ඉඩදිය යුතුද?

ඉහත සතර අගතියෙන් ශ්‍රීලනිපය බේරාගැනීමට ශ්‍රීලනිප පාක්ශිකයාට හැකිවේවා යැයි පතමු.

යසස් ධර්මදාස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More