දේශීය පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය තුළ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 19 වැනිදා විශේෂ කැබිනට්‌ රැස්‌වීමක්‌ කැඳවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂය තුළ මේ පිළිබඳව සාකච්ඡා කර නොතිබූ නිසා කැබිනට්‌ මණ්‌ඩලය තුළ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තමා ද ඊට එකඟතාවය පළ කළ බවද අගමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා කැබිනට්‌ මණ්‌ඩලය කැඳවීමට පෙර තමා අමාත්‍ය මණ්‌ඩලය කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කළ ද විවිධ අදහස්‌ මතුවූ නිසා එකඟතාවයක්‌ පිළිබඳව සඳහන් කළ නොහැකි බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද අගමැතිවරයා පැවසීය.

මේ පිළිබඳව තීරණයකට පැමිණිය යුත්තේ එක්‌ එක්‌ පක්‍ෂ බවත් කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ සහයෝගය නොමැතිව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සම්මත කරගත නොහැකි බව තමා ප්‍රකාශ කළ බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස්‌ පැවසුවේ පෙරේදා (20 වැනිදා) පස්‌යාල කල්එළිය දන්සැල්වත්ත දොන් ස්‌ටීවන් විද්‍යාලයට මුල්ගල තැබීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More