දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගලදී ඊයේ(18) මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා තනිව තරග කළ යුතු බවට ගමේ සිටින ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් ඉල්ලා සිටිනු ලබන බව මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම පොදු ජන පෙරමුණ සමඟ ඇති ගැටළුව විසඳා ගත නොහැකි වුවහොත් විකල්ප ගනණාවත් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට තුළ ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත්ව තබා ගැනීම සඳහා කැපවන බවත් ඒ ඕනෑම බලවේගයකට විරුද්ධව පෙනීසිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More