දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනගන සන්ධානය පිළිබඳ සාකච්ඡුා සතියක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

එම කාලය තුළ සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව කී අමරවීර මහතා සියලූ සාකච්ඡුා වට සුබවාදී ලෙස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඊයේ (18 දා) ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

මේ වන විට දෙපාර්ශ්වයේම ප‍්‍රතිපත්ති සමාන වුවද ලකුණ සම්බන්ධයෙන් පැන නැගී ඇති ප‍්‍රශ්නය පිළිබඳව පොදු ලකුණක් ඒ සඳහා භාවිත කළ යුතු බවට ශ‍්‍රී ල නි පය අවසන් වරට පැවැත් වූ සාකච්ඡුාවේදී දැනුම් දුන් බවත් ඒ පිළිබඳව ඔවුන් ගන්නා තීරණය ඉදිරි සාකච්ඡුා වටයේදී දැනුම් දීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

අවසන් මොහොත තෙක් දෙපාර්ශ්වය අතර සන්ධානයක් ගොඩනැ`ගීමට උපරිම උත්සාහයක් ගැනීමට ශ‍්‍රී ල නි ප ය සූදානම් බව කී අමරවීර මහතා අවසානයේ සන්ධානය ගොඩනැ`ගීමට නොහැකි වුවහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් බොහෝ දුරට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බවද කීවේය.

එහෙත් නැවත කිසිවිටෙක එක්සත් ජාතික පක්‍ෂය හා සන්ධාන ගොඩනැ`ගීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කටයුතු නොකරන බව ද දැනටමත් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ දී වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් සම්මත කර තිබෙන බවද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More