ව්‍යාපාරික පුවත්

කෙරවලපිටිය මෙගාවොට් තුන්සියය (300) LNG විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ලක්දනව් සමාගමට නොදී GCL චයිනා සමාගමට ලබාදීමෙන් රුපියල් බිලියන 50ක පාඩුවක් සිදුවන බව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපති සෝමසිරි ගුණසේකර ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති එම කොමිසමේ සාමාජික අමරසිංහ ඉදිරියේ ඊයේ (18 වැනිදා) ඔහු මේ බව පවසා සිටියේය.

වංචා දූෂණ පිළිබඳ සොයා බලන මෙම ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් වූ කෙරවලපිටිය LNG බලාගාරය ඉදිකිරීම් ටෙන්ඩර් අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපති සෝමසිරි ගුණසේකර ඊයේ (18 වැනිදා) කොමිසම හමුවෙ සාක්ෂි ලබාදුන්නේය.

මෙහිදී කොමිසම ඔහුගෙන් විමසා සිටියේ කෙරවලපිටිය LNG බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ සලකා බැලීමට අභියාචනා ප්‍රසම්පාදන මණ්ඩලයට හැකියාවක් පවතීද යන්නයි.

එය පිළිබඳ කටයුතු කිරීම ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට අදාළ කාරණාවක් නොවන බව එහි සභාපති සෝමසිරි ගුණසේකර කොමිසම හමුවේ පිළිගනු ලැබීය.

මෙම ටෙන්ඩරය ලක්දනව් සමාගමට ලබාදීමට සුදුසු බවට තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කර තිබියදීත් තමාගේ දැනුමට අදාළ නොමැති විශේෂ තාක්ෂණික කරුණු මත ටෙන්ඩරය ලක්දනව් සමාගමට ලබානොදීමට තීරණය කළ බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

එසේම ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය මෙම කෙරවලපිය LNG ව්‍යාපෘතියේ වැට් සම්බන්ධයෙන් ලක්දනව් සමාගම ඉදිරිපත් කළ කරුණ සහ මතය වැරදි බවට තීරණය කරනු ලැබුවේ විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ ලබා දුන් ලිපියක් සැලකිල්ලට ගැනීමෙන් බවද සභාපතිවරයා හෙළි කළේය.

විදුලි බලාගාර සම්බන්ධයෙන් සහ කොළොන්නාව තෙල් ගබඩාව සම්බන්ධයෙන් සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව සාක්ෂි ලබාදීමට විදුලි බල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩද ඊයේ (18 වැනිදා) ජනාධිපති කොමිසම හමුවට කැඳවන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More