දේශීය පුවත්

නෙළුම් කුළුණ ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස චීන සමාගමකට ලබාදුන් රුපියල් කෝටි දෙසීයක් අතුරුදහන් වී ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලවා ප්‍රකාශ කිරීම මගින් චීන රජයට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අදාළ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම මේ දක්වාම මුදල් යවා ඇත්තේ එකම බැංකු ගිණුම බවත් එම බැංකු ගිණුම අයත්ව ඇත්තේ චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සමාගමකට බවත් ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් එල්ල කර ලද චෝදනාවෙන් වැඩියම හානිය සිදුව ඇති චීන රජයට බවත් ඉදිරියේදී චීන රජය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සඳහා ණය පහසුකම් ලබා ඇත්තේ  චීනයේ එක්සිම් බැංකුව බවත් ලිපිනයක් නැති, ලියාපදිංචියක් නැති කවුරුත් නොදන්නා ආයතනයකට ණය දීමට චීන එක්සිම් බැංකුව කිසිසේත්ම කටයුතු නොකරනු ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර හිටපු විශෙ ඇමති  අනූෂ පැල්පිට මහතා  ද ඊයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More