දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනා තම පක්ෂයට මෙවර ජනාධිපතිවරණයේ දී සහය දෙන්නැයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක, කතානායක කරු ජයසුරිය ගෙන් ඉල්ලා ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සුදානමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින කතානායකවරයා, ඊයේ (17) දිනයේ ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ජවිපෙන් වේලාවක් ඉල්ලා ඇති බවත්, එහිදී ජවිපෙ නායකයා ඉහත ඉල්ලීම කර ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ  ‘ජාතික ජන බලවේගයේ’ ප්‍රධාන සටන් පාඨයකි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් දසක කිහිපයක් පුරා අඛණ්ඩ අරගලයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණ, ඒ වෙනුවෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී නිහඬව සිටි එජාප නායකයින්ට ඒ ගැන මතක් වී ඇත්තේ ජනාධිපතිවරණයක් ආසන්නයට පැමිණිවිට බව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් චෝදනා කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More