දේශීය පුවත්

උපවාසයේ යෙදෙන  ආබාධිත රණවිරුවන්ට  ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය , ගාලුපාර, අලියගහ මන්දිරය ,ලෝටස් පාර,  ආරක්ෂක අමාත්‍යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළු වීම වළක්වාලමින්  කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රංග දිසානායක මහතා අද ( 18)  තහනම් නියෝගයක්  නිකුත් කළේය.

කොළඹ කොටුවේ පැවැත්වෙන ආබාධිත  රණවිරුවන්ගේ  උපවාසය හේතුවෙන්  මහජනයාට  හිරිහැර සහ බාධා ඇති වන  බවට   කොළඹ මධ්‍යම පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ,නීතී කොට්ඨාසබාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සහ කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මහෙස්ත්‍රාත්වරයා   විසින්  කළ  නියෝගය  කඩ කරන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක්  වේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසද ,තහනම් නියෝගය මහජනතාවට ප්‍රදර්ශනය කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More