පුරවැසි කොලම

අදට දින හතක්ම ගෙවී ගොස් අවසන්ය. මේ රට වෙනුවෙන් දෑත් දෙපා, ඇස්, ඇට.මස්, පූජා කර සිරුරින් ගලා ගිය රුධිරයෙන් උපන් බිම දෝවනය කළා වූ ඔවුහු මහ පාරේ වැතිර අනෝරා වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් මහ පාරේම සිට අහර බුදිමින් වාරු නැති සිරුරින් යුතුව සාධාරණය ඇයැද සිටිති. තිස් වසරක් පුරා මේ රටට ශාපයක්ව තිබූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය තුරන් කර මාතෘ භූමියට විමුක්තිය උදාකර දෙමින් සමස්ත ජනතාවට නිදහස දිනා දීම උදෙසා රට වෙනුවෙන් ජිවිත පූජා කළ අපේ කාලයේ වීරයන්ගේ බිරින්දෑවරු සහ දරුවෝද ඒ පසෙකින් වෙති. ඔවුන් ද ඉල්ලා සිටින්නේ සාධාරණය ය. ඒහෙත් පාලකයෝ නිහ`ඩය. සාධාරණය වෙනුවට ලැබෙමින් තිබෙන්නේ නුතන පොලිස් රාජ්‍යයේ බත් බැලයන් වූ නිල ඇ`දුම් ඇ`ග ලා ගත් ඇතැම් හිපාටුවන්ගේ රැුවුම් ගෙරවුම්ය. උනට මේ රටත් ජාතියත් වි`දවූ අතීතය අමතකය. හතර අතට බෝම්බ පුපුරද්දී මරණය දෝතට ගෙන ඉබාගාතේ ජීවිතයට මුහුණ දුන් යුගයක් සමස්ත ජාතියම පසු කළ වගද අමතකය. එපමණක් නොව, ඒ කාලකණ්ණි යුගය නිමා කෙරුණේ අද මහම`ග වැතිර දහසක් දුක් වි`දිමින් සාධාරණය යදින දුටුගැමුණු පරපුරේ මේ වීරයන්ගේ සහ ජීවිත පූජා කළ විරුවන්ගේ අමිල වූ කැපකිරීම් නිසා බවද අමතකය. අද මේ රටේ ඇතැමුන්ට එවන් යුගයක් පසු කළාදැයි හාන්කවිසියක තරම්වත් මතකයක් නැතිසේය. මේ රටට සැබෑ නිදහස උරුම කර දුන් ඉකුත් විජයග‍්‍රාහී මානුෂීය මෙහෙයුමේදී ජීවිතයේ සුන්දරත්වය මොහොතකට අමතක කර උපන් බිම වෙනුවෙන් ගිනි අවිය දෑතට ගෙන රුදුරු යුද බිමේ සතුරා සම`ග මුහුණට මුහුණ සටන් වැදී අබාධිත වූ රණවිරුවන් සහ ජීවිත පූජා කළ විරුවන්ගේ බිරින්දෑවරු වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු විශ‍්‍රාම වැටුප සහ වැන්දඹු අනත්දරු වැටුප වෙනුවට ජීවිත කාලය පුරා උඛණ්ඩව වැටුප ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනුයේ වත්මන ්රජය බලයට පත්වූ දා සිටය. ඔවුහු එහිදී තමන්ගේ අනාගත රැුකවරණය වෙනුවෙන් මේ පිළිබ`දව රජයට බලකරමින් වීදිබට අවස්ථාද බොහෝය. ඒ ඇතැම් අව්ථාවල අමානුෂික පොලිස් ප‍්‍රහාරයන්ට ගොදුරු වීමටද රට බේරාගත් මේ රණිවරුවන්ට සිදුවිය. වරක් ඔවුන් එසේ වීදි බැස තම ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ දරමින් සිටියදී ඒ අතරට ගිය අපි වයස අවුරුදු 55 පිරීමෙන් පසු රටේ සියලූම වැඩකරන ජනතාවට හිමි වන්නේ විශ‍්‍රාම වැටුප පමණක් නම් මෙවන් ඉල්ලීමක් කරනුයේ ඇයිදැයි විමසීමක් කළෙමු. එහිදී එක එල්ලේ එයට පිළිතුරු දුන් ඔවුන් කියා සිටියේ ඉතාම සංවේදී කතාවකි. ’අපි මේ රට වෙනුවෙන් සටනට ගිහින් අපේ තරුණ ජීවිත කාලයම ඒ වෙනුවෙන්ම කැප කළා. ඒ සටනෙදියි අපි ආබාධිතයන් වුණේ. ඒ සටනෙදිම තමයි අපිත් එක්ක උරෙන් උර ගැටී සතුරා සම`ග සටන් කළ අපේම රණවිරුවන් රට වෙනුවෙන් ජීවිත පූජා කළේ. අපිට එදා උපන් බිමේ නිදහස පිළිබ`දව මිසක් අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, බිරි`ද, දරුවන් ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. රට වෙනුවෙන් සටනට ගිහින් මේ විදිහට ආබාධිත වෙලා වෛද්‍ය හේතූන් මත විශ‍්‍රාම ගියත් වැටුප දිගටම ලැබෙුණ නිසා අපි ජීවත් වෙන එක ඒ තරම්ම ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මියගිය රණවිරුවන්ගේ දරු පවුල් වලටත් වැටුප ලැබෙන නිසා ජීවිතේට මුහුණු දෙන්න පුළුවන් වුණා. ඒත් අවුරුදු 55 සම්පූර්ණ වුණාට පස්සේ විශ‍්‍රාම වැටුප විතරක් ලැබුණොත් අපි ජීවත් වෙන්නේ කොහොමද? මියගිය රණවිරුවන්ගේ දරු පවුල් ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද? අහන්න තිබෙන්නේ එකම එක ප‍්‍රශ්නයක් විතරයි. අවුරුදු 55 සම්පූර්ණ වෙනකොට අපේ නැති වුණ අතපය ආයෙත් ලැබෙනවද? ඒ අතපය ආයෙත් අලූතින් වැවෙනවද? මේ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ට ආයෙත් පණ එනවද? ඒ දරුවන්ට, බිරින්දෑවරුන්ට තමන්ගේ ස්වාමියා, තාත්තා නැවත ලැබෙනවද? එදා මේ විරුවන් පැවසූ ඒ වදන් වලින් පසුව ඔවුන්ගෙන් තවත් විමසන්නට කිසිත් අපට නොමැති විය. මේ වීරයෝ තුළ ජනිතව තිබෙන ඒ අනාගත අසරණ බවේ පෙරනිමිති පෙනෙන සිතුවිල්ල අතිශය සාධාරණය. එනිසාම මේ රට වෙනුවෙන් සටනට ගොස් ඣීත් දෙපා අහිමිව ආබාධිත වූ සහ මියගිය රණවිරුවන්ගේ දරු පවුල් වෙනුවෙන් කොන්දේසි විරහිතව ඒ ඉල්ලීම ජාතියක් වශයෙන් ඉටු කළ යුතු බව දිගින් දිගටම අපි සටහන් කළෙමු. බලධාරීන්ට එහා ඇති අතිශය සාධාරණ බව නොකඩවා පෙන්වා දුන්නෙමු. ඔවුන් මෙසේ උපන් බිමේ විමුක්තිය උදෙසා සටනට ගොස් ජීවිත පූජා කරනු ලැබුවේ අප වෙනුවෙන්ය. සො`දුරු තාරුණ්‍යය රුදුරු යුද බිමේ ගතකරමින් අබාධිතයන් බවට පත්වූයේද අප නිසාය. එසේ නම් ඒ වීරයන් රැුක ගැනීමට කොන්දේසි විරහිත වූ කෘතවේදීත්වයක් අපට තිබිය යුතුමය.ත්‍ම් රටේ ජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් වසර පහක් එහි ගතකිරීම වෙනුවෙන් මන්තී‍්‍රවරුන්ට බොහො වරප‍්‍රසාද සම`ග විශ‍්‍රාම වැටුපකුත් හිමිවන රටක රට වෙනුවෙන් සටනට ගිය මේ විරුවන් කරනු ලබන ඉල්ලීමේ කිසිදු අසාධාරණයක් නැත. ඔහෙත් දින හතක් පුරා අනෝරා වැසිවලට තෙමෙමින් අව්වට වේලෙමින් මේ වීරයෝ අද වාරු නැති කයකින් යුතුව තමන්ගේ ඉදිරි ජීවිතයේ සුරක්‍ෂිත බව ඉල්ලා මහම`ග වැතිර සිටියදී පාලකයෝ කුමක් සිදු කරමින් සිටිතිද? රට බේරාගත් වුන් අපමණ දුකක් වි`දිදී රටටත් ජනතාවටත් අපමණ අගයක් දෙන්නට වෙහෙසෙන ඔවුහු සුපුරුදු පරිදි දහසතුත් ජනතා පොරොන්දු සම`ග නෙක බයිලා කියමින් මීළ`ගට එන මැතිවරණයේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් කුලල් කා ගනිමින් සිටින්නාහ. ගෙවී ගිය පස් වසර තුළ මේ වීරයන් තමන්ගේ දුක පිළිබ`දව අනන්තවත් හ`ඩ නගද්දී නෑසූ කන්ව සිටියෝ දැන් යළිත් ඉදිරියේදී රටේ ජනතාවට සුරසැප දෙන අකාරය පිළිබ`ද කතිකා කරන්නාහ. ඒ වෙනුවෙන් අපේක්‍ෂකත්වය දිනා ගන්නට ඇති තරගය එංගලන්තයේ තුර`ග ගරග පිටියකදීවත් දැකගන්නට නැත. රට බේරා ගත් මේ විරුවන් දිගින් දිගටම තමන්ගේ ජීවිත අපේක්‍ෂාවන් වෙනුවෙන් මෙසේ සටන් කරද්දී වරක් ජනාධිපතිවරයා ඔවුනගේ ඉල්ලීමට අනුව විශ‍්‍රාම වැටුප නොව ජීවිත කාලය පුරාවට වැටුප් ගෙවීමට කටයුතු කරන්නේයැයි වරක් ප‍්‍රකාශ කළ අපේ මතකයේ ඇත. අද ඔවුන් යළි වීදි බැස වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් හ`ඩ නගනුයේද ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාහ කළද තමන්ගේ ඉල්ලීම මේ දක්වා ඉටු නොවුණු නිසාය. කුමන හේතුවක් නිසා හෝ ජාතියට නිදහස දුන් වීරත්වය මෙසේ අසරණ කෙරෙද්දී ජාතියේ අනාගත වීරත්වය මියැදීම නියතවම සිදුවන්නකි. එසේම වීරයා අමතක කිරීම යනු තිස් වසරක ත‍්‍රස්තවාදයකින් බැට කෑ අප ජාතියක් වශයෙන් මරණය අමතක කිරීමක් ද වේ. එසේනම් වීරයන් අසරණ කර ජාතියේ අනාගත වීරත්වය මරා දමද්දී අද ආණ්ඩුව මේ කරමින් සිටින්නේ ජාතියට මරණය අමතක කර සමස්තය අකාල මරණයක් වෙත රැුගෙන යෑමක්ද? අමරණීය වූවන් සේ රට පාලනය කරන්නට වූ වත්මන් පාලකයන් ගෙවී ගිය පස්වසර පුරා රටට නිදහස දුන් රණවිරුවන් අසීමිත ලෙස අසරණ කරනු ලැබුවේ ජාතිය වැනසීමේ ඇසට නොපෙනෙන ශීතල කොන්ත‍්‍රත්තුවකුත් තිරය පිටුපස සිදුවෙමින් තිබූ නිසාද? අහිමි වූ දෑත් දෙපා සම`ග වාරු නැති කයට අපමණ දුකක් දී අනාගත ජීවිතයේ සුරක්‍ෂිත බව වෙනුවෙන් විදි බැස සිටින අබාධිත විරුවන්ගේ අසරණකම තුළින් අද පිටතට එමින් තිබෙන්නේ ඒසැ`ගවුණු කතාවේ සත්‍යයද? මේ විරුවන්ගේ දුක දකින රටේ සමස්ත ජනතාව නොපමාව කල්පනා කළ යුතුව ඇත්තේ ඒ ටිකය. රට වෙනුවෙන් සටනට ගිය ඔවුන් වි`දින දුක හමුවේ එවන් බරපතළ විමසීමක් ආණ්ඩුවෙන් කරනු හැර දැන් අපට වෙන කිරීමට දෙයක් ඉතිරිව ද නැත. මේ සම්බන්ධයෙන් ඊයේ (17 වැනිදා* ඇමැති මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් වීමට නියමිතව තිබිණි. ඒ රණවිරැුවන් සමඟ ආරක්‍ෂක ලේකම්වරයා කළ සාකච්ඡුාවකට අනුවය. මෙහිදී ලැබෙන තීන්දුව කුමක් වනු ඇති?

සමන් ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More