දේශීය පුවත්

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමේදී සිදුවූවායැයි පැවසෙන රුපියල් කෝටි 200 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් විමර්ශනයක් ආරම්භකරනු ඇති බවත් එහිදී සත්‍ය කරුණු සියල්ල අනාවරණ වනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර අදාල ඉදිකිරීම් ආරම්භ වන සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා අද ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

චීන ණය මුදල්වල දායකත්වයෙන් අ.ඩො.මිලියන 104.3 ක පිරිවැයක් දරමින් ඉදිවුණු කොළඹ නෙළුම් කුලුන ඊයේ(16) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර එය ඉදිකිරීමේදී සිදුවූවැයි පැවසෙන රුපියල් කෝටි 200 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ එවැනි සමාගමක් චීනෙවත් නොමැති බවයි.

කෙසේවෙතත් නෙළුම් කුලුනේ ඉදිකිරීම් ආරම්භ වූ වකවානුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔහු එහි දක්වා ඇත්තේ නෙළුම් කුලුණේ ඉදිකිරීම් සඳහා CEIEC සමාගමටත් ALIT සමාගමටත් 2012 ඔක්තෝබර් 29වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

ඉදිකිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථාවේදී මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ ටෙන්ඩර් මණ්ඩලයේ සාමජිකයින් ALIT සමාගමේ සභාපතිවරයා සහ සාමාජිකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ පිළිබඳ සියලුම දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව තමා දන්නා බවත් අනූෂ පැල්පිට මහතා පවසා තිබේ.

එමෙන්ම නෙළුම් කුලුණ ටෙන්ඩර් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ALIT සමාගමේ සභාපතිවරයා සමග බීජිං නුවර පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් බව පැවසෙන ඡායාරූපයක්ද අනූෂ පැල්පිට මහතා සිට ෆේස්බුක් ගිණුමේ පලකර තිබුණි.

මේ අතර අනූෂ පැල්පිට මහතා අද මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දැක්විය.

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මෙම ප්‍රකාශයකට වැරදි තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවයි.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සියයට 20 ක අතිකාල මුදලක් ගෙවීමට තිබුණත් එය සියයට 15 ක් දක්වා සාකච්ඡා කිරීමෙන් කටයුතු කළ බවත් එය රුපියල් බිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් බවයි.

මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවන ලද්දේ CEIEC සමාගම විසින් බවද පැවසු ඒ මහතා, කිසිදු අවස්ථාවක ALIT සමාගමට සතයක් හෝ ගෙවා නොමැති බව පැවසීය.

මෙම ගෙවීම විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් පියවා ගෙන ඇති බවත් 2016 මෙහි වැඩ අවසන කිරීමට තිබුණත් එය 2019 දක්වා කල් ගත වු බවයි.

මෙම ගිවිසුම හේතුවෙන් එක්සිම් බැංකුව විසින් ඇ.ඩො.මි.2.137 ක මුදලක් පියවා ගැනීමට නොහැකි වු බවත් දැන් හෝ මෙහි ඇත්ත විදුලි සන්දේශ නියමන කොමිසමේ නිලධාරීන් විසින් පැවසිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඔහු පවසා සිටියේ මෙපමණ මුදලක් සම්බන්ධයෙන් මුල්‍ය විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් සිදු කර ඇති ද යන්නයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ඇති බවත් එහිදී සත්‍ය කරුණු සියල්ල අනාවරණ වනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ALIT සමාගම නෙලුම් කුලුන ඉදිකිරීම සදහා ගිවිසුමකට එළැඹ තිබුණද එහි කිසිදු ඉදිකිරිම් කටයුත්තකට සම්බන්ධ වී නොමැති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More