දේශීය පුවත්

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උස ම කුලුන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලුන ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම ශ්‍රී ලාංකීය සංනිවේදනයේ නව පරිවර්තනයක් මෙන්ම ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් බවයි.

ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම එෛතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටු වනවා සේ ම, ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලයන 19 ක් වූ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීන EXIM බැංකුව රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණයක් සැපයීමට එකඟ වී තිබුණි. මෙකී ඉදිකිරීම සඳහා 2012-01-03 වන දින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ඇතිකර ගත් අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන් ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවන අතර සිදුකළ විමර්ශනවල දී එම සමාගම ව්‍යාජ එකක් බව ද අනාවරණය වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයක ම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළ ව ද ශ්‍රී ලංකාව එකී ණය වාරිකය වන රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයට ම වාර්ෂික ව ගෙවීමට සිදු ව ඇත. එමෙන් ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල් කෝටි 120ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ. එමෙන්ම නෙලුම් කුලුනේ ඉදිරි ඉදිකිරීම් සඳහා තවත් රුපියල් කෝටි 300ක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මහජන මුදලින් ඉදිකෙරුණු මෙම සම්පත ආරක්ෂා කර ගැනීමේ වගකීම ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා කියා සිටියේ නෙලුම් කුලුනේ ඉදිරි ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් එය රාජ්‍ය සමාගමක් බවට පත්කිරීමට කටයුතු කරන බවයි.ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර පෞද්ගලික සමාගමක ස්වරූපයෙන් කටයුතු කරන රාජ්‍ය සමාගමක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More