දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකත්වය තමනට ලැබෙනු ඇති බවට පූර්ණ විශ්වාසයක් ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර යන ඇමතිවරුන්ද පිරිස සහභාගි වූහ.

අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමකින් අපේක්ෂකයා තෝරා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමති සජිත් පේ‍්‍රමදාස එහිදී කියා සිටියේය.

තමන්ට කිසිදු බල තන්හාවක් නැති බවත් තව දුරටත් තමන් අවශ්‍ය නැති බව ජනතාව පවසන්නේ නම් හෙට දිනයේ වුවද තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

"තවත් අපේක්ෂකයින් සිටී නම්, මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මත විමසීමකට සූදානම්"

"තවත් අපේක්ෂකයින් සිටී නම්, මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මත විමසීමකට සූදානම්" – සජිත් ප්‍රේමදාස#lka #News1st #UNP #SajithPremadasa

Gepostet von Newsfirst.lk am Dienstag, 17. September 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More