මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (17දා) දිවුරුම් දුන්හ.
ඩී.බී හේරත්, මනෝජ් සිරිසේන නවක මන්ත්‍රිවරුන් වශයෙන්ද,මීට පෙර මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර මහතා යළිත් වරක් මන්ත්‍රිවරයෙකු වශයෙන්ද මෙහිදි දිවුරුම් දුන්හ.
මාතර දිස්ත්‍රික් එජනිස මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රිධූරය සඳහා මනෝජ් සිරිසේන මහතා දිවුරුම් දුන් අතර
කුරුණෑගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රිධූරය සඳහා ඩී.බී.හේරත් මහතා දිවුරුම් දුන්නේය.
එජනිස පත්කළ මන්ත්‍රිවරයෙකු ලෙස සිටි ශාන්ත බණ්ඩාර මහතා පසුගියදා ඉල්ලා අස්වූයේ සාලින්ද දිසානායක මහතාගේ මන්ත්‍රීධූරය වෙනුවට මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රිවරයෙකු වශයෙන් යළිත් දිවුරුම් දෙන බව පවසමිනි.
එහෙත් එම මන්ත්‍රිධූරය කුරුණෑගල එජනිස අපේක්ෂක ලැයිස්තුවෙ සිටි ඩී.බී.හේරත් මහතාට ලබාදී තිබෙන බැවින් ශාන්ත බණ්ඩාර මහතාට ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුව තුළ ඉදිරියටත් කටයුතු කිරීමට සිදුවෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...